මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පසුගිය වසර කිහිපයේ දී ශ‍්‍රී ලංකාවට ආර්ථික ජයග‍්‍රහණ රැසක් Featured

    මැයි 29, 2014

    පසුගිය වසර කිහිපය තුළ ශ‍්‍රී ලංකාව ආර්ථික ජයග‍්‍රහණ රැසක් ලබා ගෙන ඇතැයි ආර්ථික සංවර්ධන ආමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ප‍්‍රකාශ කළේය.

     

    අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේ ඇෆ්ගනිස්ථානය, ජර්මනිය, මාලදිවයින ඇතුළු රටවල් එකොළහකට තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ රාජ්‍ය තාන්ත‍්‍රික නිළධාරීන් ලෙස පත්වීම් ලබා ශ‍්‍රී ලංකාවෙන් නික්ම යාමට නියමිත පිරිස අමතමින් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී පසුගියදා පැවති සාකච්ඡාවකදීය.

     

    පසුගිය මස තුළ ශ‍්‍රී ලංකාව ලැබූ අපනයන ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 1.67ක් බවත් එය මෙතෙත් ශ‍්‍රී ලංකාව එක් මසක් තුළ ලැබු ඉහළම ආදායම බවත් ආමත්‍යවරයා කියා සිටියේය. මෙවැනි අපනයන ආදායමක් ලබා ගැනීමට අලුතින් ඉදිකරන ලද අධිවේගී මාර්ග ඇතුළු මාර්ග පද්ධතියේ සංවර්ධනයද බෙහෙවින් ඉවහල් වූ බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    සංචාරකයින්ගේ පැමිණීමද මේ වන විට ඉතා ඉහළ අගයක් ගෙන ඇතැයි පෙන්වා දුන් අමාත්‍යවරයා මෙම වසර තුළ සංචාරකයින්ගේ පැමිණීම සෑම මසකම ලක්‍ෂය ඉක්මවා ඇති බවද පෙබරවාරි මස තුළ පමණක් සංචාරකයින් 147,000ක් පැමිණ ඇති බවත් පැවසීය. මෙම වසරේ අවසන් මාස හතර තුළදී සංචාරකයින්ගේ පැමිණීම මසකට ලක්‍ෂ 02 දක්වා වර්ධනය කර ගැනීම රජයේ අරමුණ බවද අමාත්‍යවරයා මෙහීදී පෙන්වා දුන්නේය.


    එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කියා සිටියේය. “අපේ රටට විදේශ රැකියාවල නියුක්ත පිරිසගෙන් ලැබෙන ආදායම අපේ රටට ලොකු ශක්තියක්. විදේශ රැකියාවලින් වැඩි ආදායමක් ලබාගත හැකි අංශයන් කෙරෙහි ශ‍්‍රී ලංකීයයන් යොමු කරන්න අවශ්‍යයි. විශේෂයෙන්ම කාර්මික අංශයේ රැකියා සඳහා. ගෘහ සේවයට යන පිරිස් අඩු කරන්න  ඕන. පිරිමි පාර්ශ්වය වැඩියෙන් විදේශ රැකියා සඳහා යොමු කිරීම තුළින් ඇති වන ගැටලු රැසක් අවම කර ගන්න පුළුවන්. මේ වන විට විදේශ රැකියා සඳහා වැඩිම පිරිසක් ගිහිල්ලා ඉන්නේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන්. මේ පිරිස් සඳහා රට විරු වැඩසටහන යටතේ නිවාස 500ක් හදලා දෙන්න වැඩකටයුතු ආරම්භ කරලා තිබෙනවා. ගොඩක් අය රට යන්නේ ළමයින්ට හොද අධ්‍යාපනයක් ලබාදෙන්න ඒ වගේම නිවසක් හදා ගන්න.  


    අනෙත් පැත්තෙන් අපේ රටට අපනයනය කරන භාණ්ඩ ප‍්‍රමාණය අඩුකිරීමට අවශ්‍යයි. අපි පිට රට ගිහිල්ලා ඩොලර් එකක් හම්බ කළොත් ඒකට හරි යන්න රටින් භාණ්ඩ ගේනවා. ඒකෙන් වෙන්නේ උපයපු මුදලේ වටිනාකමක් නැති වෙන එක. අපි අපේ රටේ වගා කළ හැකි උඳු, සහල්, බඩඉරිඟු වගේ බෝග ගෙන්වන එක නතර කරලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ලොකු ලූනු සහ අර්තාපලුත් ගෙන්වන එක තනර කරන්න. ඒ සඳහා ගොවීන්ට අවශ්‍ය සහනාධාර සහ දිරිමත් කිරීම් කරනවා. ඒ වගේම පිටරටින් ගෙන්වන කාර්මික අංශයේ භාණ්ඩත් මේ රටේදීම නිෂ්පාදනය කරන්න කර්මාන්ත අංශය දියුණු කරන්න අප වැඩපිළිවෙළක් යොදලා තිබෙනවා.


    මොනරාගල සහ හම්බන්තොට ප‍්‍රදේශවල වවන එළවළු, පලතුරු සහ මල් අපනයනය කරන්න විශේෂ වැඩපිළිවෙළකුත් අපි ඉදිරියේදී සකසනවා. අපිට යුද්ධයෙන් පස්සේ ඇමරිකාවේ, යුරෝපයේ තිබුණු වෙළෙඳපොළ කඩා වැටුණා. ඒ වගේම ඉන්දියාවෙනුත් අපට හොඳ ප‍්‍රතිචාර ලැබුණෙ නැහැ. ඒ හැම බාධකයක්ම තිබියදීයි අපි මේ ජයග‍්‍රහණ ලැබුවේ.


    මෙම අවස්ථාවට පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඒ.ඒ.කේ. රණවක, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ  අතිරේක ලේකම්වරුන් වන ශාන්ත බණ්ඩාර, ප‍්‍රියන්ත මායාදුන්න යන මහත්වරු ඇතුඵ රජයේ නිලධාරීහු පිරිසක් පැමිණ සිටියහ.


    HC/KT_med

    Ambassadors-designate of the GOSL

    Ambassadors-designate of the GOSL 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya