මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැදි ආදායම් උගුලෙන් ගැළවීමට නම් තාක්ෂණයට ආයෝජනය කළ යුතුයි

    මැයි 27, 2014

    ශ්‍රී ලංකාවේ ආර්ථීකය විවෘත කළද අපට තවමත් තාක්ෂණික උකහා ගැනීම් සහ නව තාක්ෂණයන් මෙන්ම තාක්ෂණික ක්‍රමවේද බිහිකිරීමට අපොහොසත් වී තිබීම රටේ දියුණුවට දැඩි බාධාවක් බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දෙයි.


    මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා අදහස් පළ කළේ ඊයේ (26) හෝමාගම නැනෝ තාක්ෂණ මධ්‍යස්ථානයේ දී ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය (SLAAS) සංවිධානය කළ විශේෂ වැඩමුළුවකට එක් වෙමිනි.


    1998 වසරේ සිට වසර 15ක කාලයක් ගත වූවත් ශ්‍රී ලංකාව පවතින්නේ පහළ මෙන්ම ඉන් එහාට වර්ධනයක් ළඟාකර ගත නොහැකි සිරවීමක් පෙන්වන මැදි ආදායම් රටක් වශයෙනි. එනම් ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 1000 ත් 12,000 ත් අතර පවතින රටක් ලෙසයි. 1977 දී ආර්ථීකය විවෘත කළ පසු ලාභ ශ්‍රමය, ලාභ බලශක්තිය, ලාභ සම්පත් අඛණ්ඩව පවතිනවා යැයි විශ්වාස කළ ද වර්තමාන ශ්‍රී ලංකාවට එවන් තත්ත්වයක් කිසිසේත්ම බලනොපායි. ඒ නිසා සියලු ආයෝජන සිංගප්පූරුව, අප්‍රිකාව වැනි රටවලට ඇදෙමින් පවතී.


    ඕනෑම රටක ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 4000 - 8000 අතරදී සිරවීමක් දකින්නට හැකියි. අපට වඩා  ඉදිරියට ගිය මැලේසියාව, තායිලන්තය, බ්‍රසීලය හා චීනය වැනි රටවලටද එම තත්ත්වය බලපා තිබේ. මේ උගුලෙන් බේරීමට හැකි වූයේ සිංගප්පූරුව, කොරියාව, හොංකොං, තායිවානය, මෝල්ටාව වැනි සීමිත රටවල් ප්‍රමාණයකට පමණි. ඔවුන් එලෙස ඒ අභියෝගය ජයගත්තේ තම රටට අවශ්‍ය නව තාක්ෂණය උකහාගත් නිසාත්, නව තාක්ෂණයන් බිහිකරගත් නිසාත්ය. අපේ රටේ ආර්ථීකය විවෘත කළද අපට තවමත් තාක්ෂණික උකහාගැනීම් සහ නව තාක්ෂණ බිහිකිරීම අභියෝගයක්ව පවතී.


    ජාන තාක්ෂණය, නැනෝ තාක්ෂණය තොරතුරු සන්නිවේදන තාක්ෂණය වැනි තාක්ෂණ ප්‍රචලිත කිරීමෙහිලා අප විසින් ආයෝජනයන් කළ යුතුය. එමෙන්ම රටක් වශයෙන් අප සිරවී සිටින මැදි ආදායම් උගුලෙන් ගැලවී ඉන් ඉදිරියට යාමට නම් ජාතික සංවාදයක් සහ විධිමත් වැඩපිළිවෙළක් රටට අත්‍යාවශ්‍ය බවද වැඩමුළුවට සහභාගි වූ විද්‍යාර්ථයින්, ව්‍යාපාරිකයින්, පෞද්ගලික හා රජයේ අංශ නියෝජනය කරන නිලධාරීන්ට අමාත්‍යවරයා  අවධාරණය කර සිටියේය.


    "නවෝත්පාදනය පදනම්ව මුල්‍ය වර්ධනයත් ස්ථාවරත්වයත් වෙනුවෙන් උසස් තාක්ෂණයේ දායකත්වය" යන තේමාව පදනම්ව සිදුකළ  වැඩමුළුවේ සභාපතීත්වය විද්‍යාභිවර්ධන සංගමයේ (SLAAS) රසායන විද්‍යා අංශයේ සභාපති ආචාර්ය නිල්වලා කෝට්ටේගොඩ මහත්මිය විසින් දරන ලද අතර වැඩමුළුවේ විශේෂ දෙසුමක් MAS ආයතනයේ සහ නැනෝ තාක්ෂණ ආයතනයේ සභාපති ආචාර්ය මහේෂ් අමලියන් විසින් සිදුකරන ලදී.


    මෙම වැඩමුළුවට රාජ්‍ය හා පෞද්ගලික අංශ නියෝජනය කරමින් 118 දෙනෙකු පමණ සහභාගි වූහ.

     

    nano technology SLAAS meeting

    nano technology SLAAS meeting


    PM

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya