මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෝමාගම ක්‍රීඩා සමාජයේ 41 වන මහා බක්මහ උළෙල අප්‍රේල් 20 සෙනසුරාදා

    අප්‍රේල් 18, 2024

    හෝමාගම ක්‍රීඩා සමාජය 41 වන වරටත් අභිමානයෙන් සංවිධානය කරනු ලබන මහා බක්මහ උළෙල අප්‍රේල් මස 20 වන සෙනසුරාදා හෝමාගම විල්ෆ්‍රඩ් සේනානායක ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය. උදැසන සිට තරඟ කාණ්ඩ විශාල සංඛ්‍යාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති අතර විවිධ වයස් කාණ්ඩයන්ට අදාළව එම තරඟ පැවැත්වේ. සියලු තරඟ සඳහා වටිනා ත්‍යාග හා මුදල් ත්‍යාග දිනා ගැනීමේ අවස්ථාවක් ඇති බව හෝමාගම ක්‍රීඩා සමාජයේ සභාපති චිරන්ත හෙට්ටිආරච්චි මහතා පැවසුවේය.

    එසේම තිරික්කල් තරඟ, අලි රේස්, අශ්ව රේස් ආදී විශේෂ තරඟ රැසක් පැවැත්වෙන අතර එම තරඟ සිදු කිරීමේදී සත්ත්වයන්ට කිසිදු හිරිහැරයක් නොවන පරිදි කිරීමට සංවිධායක මණ්ඩලය කටයුතු සුදානම් කර ඇති අතර යම් ආකාරයක සත්ත්ව හිංසනයක් සිදු වුවහොත් එම තරඟ කරුවන් තරඟයෙන් ඉවත් කරන බවද සභාපති චිරන්ත හෙට්ටිආරච්චි මහතා පැවසුවේය.

    ගමහරහා දිවීම, කඹ ඇදීමේ තරඟ, විවෘත පාපැදි සවාරි, බොරු කකුල් තරඟ, කොට්ටාපොර තරඟ, අවුරුදු කුමරා කුමරිය තේරීමේ තරඟ ආදී තරඟ රාශියක් 20 වන දින දවස පුරා පැවැත්වෙන අතර හෝමාගම ක්‍රීඩා සමාජයේ බක්මහ උළෙලට ලක්වාසී සියලු ජනතාවට සහභාගී වන මෙන් විවෘතව ආරධනා කරන බව හෝමාගම ක්‍රීඩා සමාජයේ සභාපති චිරන්ත හෙට්ටිආරච්චි මහතා පැවසුවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya