මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම පළාතට නව සංස්කෘතික අධ්‍යක්ෂකවරියක්

    ජනවාරි 18, 2024

    මධ්‍යම පළාත් සභාවේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂක තනතුර සදහා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ II ශ්‍රේණීයේ නිලධාරිණියක් වන ටී.එම්. ඉනෝදනී තඹවිට මහත්මිය පත් කර ඇත.

    නව අධ්‍යක්ෂකවරිය වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේදී (17) සිදුවිය. එහිදී අදහස් දක්වමින් පළාත් ආණඩුකාරවරයා සදහන් කර සිටියේ ඉතා ඉහල සංස්කෘතික වටිනාකමක් සහිත මධ්‍යම පළාතේ වගකීම් ඉහල තනතුරක් වන සංස්කෘතික අධ්‍යක්ෂක තනතුරේ කටයුතු මනා අවබෝධයකින් යුතුව වටහාගනිමින් නව අධ්‍යක්ෂකවරිය කටයුතු කරනු ඇතැයි තමා අපේක්ෂා කර සිටින බවය.

    පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මේනක  හේරත්, පළාත් සංස්කෘතික අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට එක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya