මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුර ළමා ආරක්ෂාව පිලිබඳ ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කරයි.

    මාර්තු 18, 2022

    අනුරාධපුර දිස්ත්‍රික් ළමා හා කාන්තා ආරක්ෂණ කමිටුව පසුගිය දා පැවැත්විණ. මෙම ක්ෂේත්‍රව තුල මතුවන ගැටළු ආදිය සොයා බලා ඒ සදහා අවශ්‍ය විසදුම් සහ ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම මෙහිදී සිදුවේ. මෙ රැස්වීම පැවැත්වුනේ , අතිරේක දිස්ත්‍රික් ලේකම් විජය වනසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.


    පවුල් පරිසරය තුල ළමයාට අවශ්‍ය රැකවරණය, පෝෂණය , අධ්‍යාපනය යන අවශ්‍යතා සම්පුර්ණ කල නොහැකි අවස්ථාවන්හි දී ළමයා ළමා රැකවරණ මධ්‍යස්ථාන ගත කළ යුතු වේ . එවැනි රැකවරණ මධ්‍යස්ථා 12 ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන අතර ඒවා සෘජුව පරිවාස හා ලමා ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් සහ ස්වේච්ඡා සංවිධාන වලින් පාලනය වන ආයතන වශයෙන් පවතී. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මෙම රැකවරණ මධ්‍යස්ථාන තුල මේ වන විට දරුවන් 287 දෙනෙකු පමණ රැකවරණය ලබමින් සිටී.

    පසුගිය වර්ෂයන් සමග සසදා බැලිමේදි දැන් රැකවරණ මධ්‍යස්ථාන ගත දරුවන් ගේ ප්‍රමාණය අඩුවීමක් දක්නට ලැබේ. මෙය යහපත් ප්‍රවණතාවයකි. දරුවන් රැකවරණ ආයතන ගත වීම නුසුදුසු කටයුත්තක් වන අතර එය ඔවුන්ගේ ජිවිත වලට විවිධ ආකාරයෙන් බලපෑ හැකියි. එම නිසා මෙම දරුවන්ට පැමිණෙන හිංසන අවම කිරිමට සියලු නිලධාරින් කැප විය යුතුව තිබේ. විශේෂයෙන් දරුවන්ට ඇතිවන හිංසන සදහා කානතාවන්ට ඇතිවන හිංසන බලපානු ලබයි. එනම් නිවස තුල මවට ඇතිවන හිංසන දරුවන්ට සෘජුව හෝ වක්‍රව බලපාන බව සැවොම අවබෝධ කරගත යුතුව ඇත. එම නිසා නිවාස තුල සිදුවන කාන්තා හිංසනය පිලිබදව සොයා බලා නිසි විසදුම් ලබා දිම සියලු නිලධාරින්ගේ වගකීමක් . ඒසේම මෙම හිංසනයට පත්වන දරුවන් රැකවරණ මධ්‍යස්ථාන ගත නොකර පවුල් පරිසරය තුලම රැකවරණය සැලසීමට කටයුතු කිරීමේ
    හැකියාව තිබේ. ඒ සදහා එම දරුවන්ගේ පවුල් තුල ඇති ගැටලුකාරි තත්වයන් හදුනාගෙන ඒවා නිරාකරණය කරගැනීමට අවශ්‍ය සහය ලබාදීමයි , කළ යුතුව ඇත්තේ. ස්වයං රැකියා අධාර , නිවාස ආධාර, අධ්‍යාපන ආධාර වැනි ආධාර මෙහි දී ලබා දී දරුවා ආයතන ගත නොකර අවශ්‍යතාව සම්පුර්ණ කොට නිවස තුලම රැකවරණය සැලසිය හැකියි. ඒ සදහා පරිවාස නිලධාරින් හා සම්බන්ධ වී දෙමාපියන් දැනුවත් කිරිම සියලු නිලධාරින්ට සිදු කල හැකියි. ඊට අමතරව දරුවන් හිංසනයට පත්වීම වැලැක්වීමට දැනුවත් කිරිමේ වැඩසටහන් ක්‍රියාත්මක කොට මෙම ගැටලු වල දී සිදුවන නීතිමය තත්වයන් සහ ඒවා ක්‍රියාත්මක වීම තුල කෙතරම් අපහසුතාවයන්ට පත්වනවාද යන්න පිලිබදව දැනුවත් කිරිම මගින් සමාජය තුල සිදුවන හිංසන අවම කර ගැනිමේ අවස්ථාව පවතී. මෙම සියලු කටයුතු සදහා අනුරාධපුර දිස්ත්‍රික් පරිවාස නිලධාරි කාරයාල 04 තුල සිටින පරිවාස නිලදාරින් 29 දෙනාගේ සහ අනෙකුත් අදාල නිලධාරින්ගේ මනා සම්බන්ධතාවයක් අවශ්‍යයි.යනුවෙන් මෙහි දී අදහස් දැක් වූ පළාත් පරිවාස හා ලමා ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ පරිවාස නිලධාරි ශ්‍රියාණි මහත්මිය ප්‍රකාශ කළා ය.

    ළමා හා කාන්තා ගැටළු පිලිබදව ප්‍රාදේශිය ලේකම් කාර්යාල මට්ටමින් කමිටු ක්‍රියාත්මක වේ. ඒ සදහා සියලු නිලධාරින්ගේ සහය අවශ්‍යයි . එම කමිටු මගින් ඉදිරිපත්වන ගැටලු සහ ගනු ලබන තීරණ දිස්ත්‍රික් කමිටුවට ඉදිරිපත් කිරිම තුලින් ගැටලු ඉතා සාර්ථක ලෙස විසදා ගැනිමට හැකියාව ලැබේ. එසේම මෙම දරුවන් අතුරින් පාසල් අධ්‍යාපන පද්ධතියෙන් ගිලිහෙන දරුවන් ගැන සොයා බලා ඔවුන් සමාජයේ දුරාචාරයන්ට යොමු වීමට ඉඩ නොදී නිසි වෘත්තිය පුහුණු වැඩසටහන් කරා යොමු කිරිමට වැදගත වේ, යනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි චමින්ද නිමලවීර මහතා සිය අදහස් දක්මින් පැවසී ය.

    අනුරාධපුර දිස්ත්‍රික්කය තුල නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක වෘත්තීය පුහුණු ආයතන 04 ක් පවතී. එනම් ශ්‍රි ලංකා වෘත්තිය පුහුණු අධිකාරිය,තාක්ෂණ විද්‍යාලය,විශ්ව විද්‍යාල විද්‍යා ආයතනය, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරිමේ අධිකාරිය යනු එම ආයතන හතරයි. මීට අමතරව වෙනත් අංශ මගින් ක්‍රියාත්මක වෘත්තිය පුහුණු ආයතන රැසක් ද පවතී. එසේ හෙයින් මෙම දරුවන් පිලිබදව සොයා බලා ඔවුන් සුදුසු වෘත්තිය පුහුණු කරා යොමු කිරිම හරහා දරුවන්ගේ ගැටලු රැසක් වලක්වාගත හැකියි යනුවෙන් ප්‍රකාශ කළේ ,  නිපුනතා සංවර්ධන අමාත්‍යාංශයේ අනුරාධපුර දිසත්‍රික් සම්බන්ධිකාරක බි.එම්.ආර්.එන් බස්නායක මහතා යි.

    මේ අවස්ථාව සදහා දිස්ත්‍රික් ළමා ආරක්ෂක නිලධාරි එම්.එම් මහේන්ද්‍ර දසනායක, දිස්ත්‍රික් මුල් ළමාවිය සංවර්ධන නිලධාරි නිලානි තෙන්නකෝන් යන මහත්ම මහත්මින් සහ පොලිස් නිලධාරින් ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගි වුහ.

     

    DMU/Anuradhapura

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya