මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව තාක්ෂණය ඔස්සේ ජන හා නිවාස සංගණනය කිරීමට උතුරු මැද පළාත් නිලධරීන් දැනුවත් කරයි

    ජනවාරි 14, 2020

    2021 පැවැත්වීමට නියමිත ජන හා නිවාස සංගණනයට පෙර සිදු කරනු ලබන නියමු සංගණනය සඳහා ක්ෂේත්‍ර කාර්ය මණ්ඩල නිළධාරීන් පුහුණු කිරීමේ වැඩසටහනක් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පසුගිය දා පැවැත්විණ.


    වැඩසටහන අමතමින් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්. එම්. වන්නිනායක මහතා පැවසුවේ රජයක ප්‍රතිපත්ති සකස් කිරීම උදෙසා සංඛ්‍යාලේඛන දත්ත විශාල දායකත්වයක් දක්වන බවයි. යම් හෙයකින් නිවැරදි තොරතුරු නොලැබුණහොත් එය එම රටේ පවත්නා වාතාවරණය පවා වෙනස් කිරීමට හේතු විය හැකි බව ඒ් මහතා පෙන්වා දුන්නා.


    ඒ නිසාම සංඛ්‍යාලේඛන දත්ත නිවැරදි ආකාරයෙන් ලබාදීම නිළධාරීන්ගේ වගකීමක් බව ද ඒ් මහතා සඳහන් කළේය. නොයෙක් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු මඟින් කලින් කලට නොයෙක් සංගණක සිදු කළත්, රට තුළ සමස්තයක් ලෙස එක්වර සිදුකරන මෙම ජාතික ජන හා නිවාස සංගණනයේ වැදගත්කම ද දිසාපතිවරයා අවධාරණය කළා.


    මෙම නියමු සංගණනය ඉතිහාසයේ පළමු වරට ටැබ් පරිගණක යොදාගනිමින් සිදු කිරීමට නියමිත බව පළාත් සම්බන්ධීකරණ නිළධාරී කේ. ඩබ්. එස්. සද්ධානන්ද මහතා අදහස් දක්වමින් කියා සිටියා.
    තවදුරටත් අදහස් දැක් වූ ඒ් මහතා පැවසුවේ එමඟින් වාසි දෙකක් අත්වන බවයි. පත්‍රිකා යොදාගනිමින් සිදුකරන සංගණනයට වැයවන මුදල් හා කාළය යන දෙකම ඉතිරිවීමත්, ප්‍රමාදයකින් තොරව සංඛ්‍යාලේඛන දත්ත රජය වෙත ලබාදිය හැකි වීමත් එම ප්‍රතිලාභයි.
    මෙම නව ඩිජිටල් ක්‍රමවේදය ජනතාවට තවමත් සුහුරු නොවන බවත්, ඒ් බව අත්හදා බැලීමේ අවස්ථාවේ දී තහවුරු වී ඇති බවත්, එම නිසාම ජනතාව වෙත මෙම නව ක්‍රමවේදය සමීප කරවමින් අවශ්‍ය දත්ත ලබාගැනීම
    නිළධාරීන් වෙත පැවරෙන වගකීමක් බවද ඒ් මහතා අවධාරණය කළේය.
    මෙම පුහුණු වැඩමුලුව ජන. 7 සිට 9 දක්වා දින තුනක් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. උතුරු මැද පලාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය වන පරිදි, එක් ප්‍රාදේශීය ලේකම්
    කොට්ඨාසයකින් තෝරාගත් එක් ග්‍රාම නිළධාරී වසමක ,තෝරාගත් නිවාස 60ක නියමු සංගණන කටයුතු ජනවාරි 13 දා සිට ආරම්භ කළ බව ,  අනුරාධපුර දිස්ත්‍රික් සංඛ්‍යාලේඛන අංශ ප්‍රධානී ඩබ්. එම්. එස්. කේ.
    බණ්ඩාර මහතා පැවැසීය.
    අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකාරක එච්. එම්. සී. එල්. ඒ. කේ. හේරත්, පොළොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකාරක ඩබ්. ආර්. ආර්. ප්‍රේමතිලක, පොළොන්නරුව දිස්ත්‍රික් සංඛ්‍යාලේඛන අංශ ප්‍රධානී ඩී. කේ. එම්. සී. එම්. රත්නායක යන මහත්වරුන් ඇතුලු අනුරාධපුර, පොළොන්නරුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සංඛ්‍යාලේඛන නිළධාරීන් පිරිසක් මේ අවස්ථාවට එක් වූහ.

    DMU/Anuradhapura

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya