මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග්‍රාමීය ජනතා ජීවනෝපාය සවිබලගැන්විමට අභ්‍යන්තරයේ ජලාශවලට මත්ස්‍ය පැටවු

    ජූනි 26, 2018
    ග්‍රාමීය ජනතාව සවිබල ගැන්වීම යටතේ රට අභ්‍යන්තරයේ පවතින ජලාශ ආශ්‍රිත ධිවර කර්මාන්තය නගාසිටුවීමේ කඩිනම් වැඩපිළිවෙළ යටතේ ලුණුගම්වෙහෙර ජලාශයේ මත්ස්‍ය පැටවුන් තැන්පත් කිරීම ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) සිදු කෙරිණි.
     
    මේ යටතේ ලුණුගම්වෙහෙර ජලාශයේ තැන්පත් කිරීමට නියමිත මත්ස්‍ය පැටවුන් සංඛ්‍යාව ලක්‍ෂ තුනකි . එහි පළමු පියවර වශයෙන් කැට්ලා , රෝෂු සහ කාෆ් යන අහාරයට ගන්නා මත්ස්‍ය පැටවුන් 60,000 ක් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් තැන්පත් කරනු ලැබිය.
     
    ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරියේ මැදිහත්වීම යටතේ රට අභ්‍යන්තරයේ ජලාශවල ධිවර කර්මාන්තය නගාසිටුවීම සඳහා රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ උපදෙස් පරිදි විශේෂ වැඩ සටහනක්  ක්‍රියාත්මක කර ඇත.
     
    මෙමගින් රට මැද ජනතාවගේ මත්ස්‍ය ඉල්ලුම සපුරාලීම, ගුණාත්මක බවින් ඉහල සහ නැවුම් මාළු ලබාගැනීමේ පහසුකම් එම පළාත්වල ජනතාවට  හිමි වනු ඇත.
     
    මත්ස්‍ය පැටවුන් තැන්පත් කළ ලුණුගම්වෙහෙර ජලාශය ආශ්‍රිතව ධිවර කර්මාන්තයේ නිරත පිරිස 168 දෙනෙකි. මෙමගින් ඔවුන්ගේ ජිවන තත්වය ඉහල නැංවීමත්, ඔවුන්ට අවශ්‍ය ප්‍රමාණයට මත්ස්‍ය අස්වැන්න නෙලාගැනීමට පහසුකම් සැලසීමත් වෙනුවෙන් මෙලෙස මත්ස්‍ය පැටවුම් තැන්පත් කිරීම ආරම්භ කරනු ලැබිය.
     
    මෙම අවස්ථාවට ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරියේ සභාපති නුවන් ප්‍රසන්ත මදවන්  ආරච්චි මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya