මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හොරොව්පතාන අඹගස්වැව,පුරාණ රජමහා විහාරයේ දාගැබ ප්‍රතිසංස්කරණය ඇරඹේ

    ජනවාරි 25, 2018

    විනාශ මුඛයට යමින් තිබූ,හොරොව්පතාන අඹගස්වැව,පුරාණ රජමහා විහාරයේ ස්ථූපය ප්‍රතිසංස්කරණය ආරම්භ කරයි. ඒ සඳහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් ලක්ෂ 90කි. අනුරාධපුර මහාදිසාපති ආර්.එම්.වන්නිනායක මහතාගේ මැදිහත් වීමෙන් මෙම දාගැබ ප්‍රතිසංස්කරණයට අවශ්‍ය පසුබිම නිර්මාණය වූ බව,අඹගස්වැව පුරාණ රජමහා විහාරාධිපති, හුරුළු පලාතේ උප ප්‍රධාන සංඝනායක පූජ්‍ය අඹගස්වැවේ ඉන්ද්‍රෙජෝති  හිමියෝ පැවසූහ.

    මෙම විහාරස්ථානයේ පවතින පුරාවිද්‍යාත්මක වටිනාකම පිළිබඳව සැලකිල්ලට ගත්,අනුරාධපුර මහාදිසාපතිවරයා විසින් දැනට විනාශ වීමට පටන්ගෙන ඇති දාගැබ ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව,පසුගිය කාලයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී තිබේ. ශත වර්ශයක් පමණ ඉපැරණි මෙම දාගැබ ප්‍රතිසංසකරණය කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා දුන්නේ ඒ අනුවයි.

    හොරොව්පතානේ සිට කිලෝමීටර් 15ක් පමණ  ගිය තැන හමුවන මෙම පුරාතන රජමහා විහාරයේ වැඩ විසූ නායක හිමිවරුන්,එවක ත්‍රස්ත තර්ජන හමුවේ,විශාල කැපවීමකින් විහාරස්ථානය සුරක්ෂා කර තිබේ.විහාරස්ථානයේ නූතන ආරම්භය සිදු වූ 1970 සිට මේ දක්වා කාලය තුළ එම විහාරස්ථානයෙන් ඇති වූ ශාසනික මෙහෙවර ප්‍රසංශනීය වේ.

    ප්‍රතිසංස්කරණය සඳහා මුල්ගල තැබීමේ උත්සවයේ දී කතා කළ,මධ්‍යම සංස්කෘතික අරමුදලේ උතුරුමැද පළාත් සහකාර අධ්‍යක්ෂක ඩී.බී.ජයසේකර මහතා පැවසුවේ,විශේෂ ව්‍යාපෘතියක් ලෙස සලකා මෙම විහාරස්ථානය ඉදිරියේදී  තවදුරටත් සංවර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි. මෙම ව්‍යාපෘතිය ඇරඹීමට කරන ලද හෙළිදරව්ව සම්බන්ධයෙන් අනුරාධපුර මහාදිසාපතිවරයාට විශේෂ ප්‍රශංසාවක් කළ යුතු බව ද සහකාර අධ්‍යක්ෂකවරයා මෙහිදී අවධාරණය කළේ ය.

    අනුරාධපුර මහාදිසාපති ආර්.එම්.වන්නිනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මුල්ගල් තැබීමේ මංගල අවස්ථාවට මධ්‍යම සංස්කෘතික අරමුදලේ ජේතවන ව්‍යපෘති නිලධාරීන් රැසක් සහ දිස්ත්‍රික් බෞද්ධ කටයුතු නිලධාරීන් ද එක්ව සිටියහ.


    අනුරාධපුරය මාධ්‍ය ඒකකය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya