මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාරිභෝගික නීති උල්ලංගණය කළ වෙළඳුන් නීතිය හමුවට...

    දෙසැම්බර් 12, 2017

    මාතර දිස්ත්‍රික්කයේ පාරිභෝගික නීති උල්ලංඝණය කළ වෙළඳුන්ගෙන් රුපියල් 2794000 ක් දඩ මුදල් වශයෙන් අය කරගෙන තිබේ.

    මිල ප්‍රදර්ශනය නොකිරීම, වැඩි මිලට භාණ්ඩ අළෙවි කිරීම, කල් ඉකුත් වූ භාණ්ඩ විකිණීම හා අළෙවි කිරීමට ප්‍රදර්ශනයට තබා තිබීම, ප්‍රමිතියෙන් තොර භාණ්ඩ විකිණීම, බිල්පත් ලබා නොදීම, රජයෙන් වරින් වර නිකුත් කරන විධාන කඩ කිරීම,වගකීම් සහතික ලබා නොදීම, පාරිභෝගිකයා රැවටීම සහ පාලන මිලට වඩා වැඩිමිලට භාණ්ඩ විකිණීම ආදී වැරදි මෙම දඬ නියම වී තිබේ.

    සඳහා 2017 වර්ෂයේ මේ වන විට වැටලීම් 866 ක්සිදු කර පාරිභෝගික නීති උල්ලංගණය කළ වෙළඳුන් 777 දෙනෙකුට පාරිභෝගිකකටයුතු පිළිබඳ අධිකාරී පනතට අනුව නඩු පැවරීම් සිදු කර ඇත.

    නඩු පැවරීම් නොකළ 89 දෙනෙකුට ඉදිරියේ දී නඩු පැවරීම් සිදු කිරීමට නියමිත අතර මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මියගේ උපදේශකත්වය යටතේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මාතර දිස්ත්‍රික් කාර්යාලයේ කලාප සහකාරඅධ්‍යක්ෂ එස්. නන්දසිරි මහතා සහ දිස්ත්‍රික් ප්‍රධානී ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී පී.ආර්.කේ.එස්. බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් මෙම වැටලීම් සිදු කර තිබේ.

    DMU/Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya