මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපදා කළමනාකරණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක්

    ඔක්තෝබර් 17, 2017

    සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍යාංශයේ දිස්ත්‍රික් නිලධාරීන්ට ආපදා කළමනාකරණය පිළිබඳව දැනුවත් භාවය ලබා දීමේ වැඩසටහනක් පසුගියදා ගාල්ල හෝල් ඩී ගෝල් ශාලාවේදී පැවත්විණි.

    මෙහි දී සමාරම්භක දේශනය පැවැත් වූ ආපදා කලමණරණ ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් ජී එස් සේනාධීර මහතා ප්‍රකාශ කළේ, ආපදා කළමනාකරණය තනි ආයතනයකට සිදු කල හැක්කක් නොවන අතර, එය සෙසු ආයතන ඒකාබද්ධව සිදු කරනු ලබන ජාතික වැඩපිළිවෙලක් බවයි. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍යාංශයේ නිලධාරීන් සම්බන්ධ කරගනිමින් ග්‍රාමීය මට්ටමින් ආපදා කළමණාකරන සැලැස්මක් සැකසීම මෙහි මුලික අරමුණ බවද ඒ මහතා කීය.

     

    මේ වන විට දිස්ත්‍රික් 07ක මෙම වැඩසටහන ක්‍රියාත්මක අතර, මෙම වසරේ දෙසැම්බර් මස 15 වනදා වන විට සියළු දිස්ත්‍රික්කයන් ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරිමට නියමිත බව ද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

     

    මේ අවස්ථාව සඳහා ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් කමල් රණසිංහ මහතා, ආපදා කලමණරණ ඒකකයේ අධ්‍යක්ෂ සුගත් දිසානායක මහතා ඇතුළු දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya