මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කරුවලගස්වැව ස්වයං රැකියාලාභීන්ට රජයෙන් පහසුකම්

    ඔක්තෝබර් 17, 2017

    ග‍්‍රාමීය ජීවනෝපායන් වර්ධනය කිරීමේ වැඩපිළිවෙල යටතේ ආණමඩුව - කරුවලගස්වැව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැඩසටහන් රැසක් කි‍්‍රයාත්මකයි.

    ස්වයං රැකියා අවස්ථා ප‍්‍රවර්ධනය කරමින් නිවස, ගම කේන්ද්‍ර කරගත් කර්මාන්ත ඇති කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

    ආහාර නිෂ්පාදනය, ඇගළුම්, විසිතුරු භාණ්ඩ, ආභරණ නිෂ්පාදනය ඇතුළු කර්මාන්ත රැසක් මේ යටතේ ආරම්භ කිරීමට නියමිත බව කරුවලගස්වැව ප‍්‍රාදේශිය ලේකම් ජානක තුෂාර බාලසූරිය මහතා පැවසීය.

     

    මේ යටතේ ස්වයං රැකියාවල මේ වන විටත් නිරත වෙමින් සිටින ජනතාව සවිබල ගැන්වීමටද පියවර ගෙන තිබේ. ඔවුන්ගේ අඩුපාඩු සපුරාලීමටද රජය පියවර ගෙන ඇති අතර එම කර්මාන්ත තවදුරටත් දියුණු කර ගැනීම සඳහා අවශ්‍ය තාක්‍ෂණික උපකරණ ප‍්‍රදානය කිරිම පසුගියදා රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ප‍්‍රධානත්වයෙන් කරුවලගස්වැව ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණ.

     

    මෙම ව්‍යාපෘති සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන, පුහුණුව ඇතුළු අනෙකුත් සියළු අවශ්‍යතාවන් සපයන්නේ සමෘද්ධි ව්‍යාපාරය මඟින්ය.

     

    කරුවලගස්වැව ප‍්‍රාදේශිය ලේකම් ජානක තුෂාර බාලසූරිය මහතා ඇතුළු එම කාර්යාලයේ නිලධාරී මහත්ම මහත්මීන්ද මෙම අවස්ථාවට සහභාගී වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya