මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාවික නිලධාරීන් දෙදෙනෙක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් නිවේදනයක්

    අප්‍රේල් 23, 2024

    මත්ද්‍රව්‍ය උවදුරෙන් අනාගත පරපුර මුදවා ගැනීම වෙනුවෙන්  මුහුදු මාර්ගයෙන් රට තුළට මත්ද්‍රව්‍ය රැගෙන ඒම වැළැක්වීම සඳහා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මෙරට මුහුදු තීරය පමණක් ‍නොව, ඉන් ඔබ්බට ජාත්‍යන්තර මුහුද දක්වා ගොස් නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනුලබයි. තවද, ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් සාර්ථක මෙහෙයුම් නිරන්තරයෙන් සිදුකරමින් රට තුලට ගෙන ඒමට තැත් කරන ලද මත්ද්‍රව්‍ය තොග විශාල වශයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර, රාජ්‍ය බුද්ධි සේවය සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය ඇතුළු අනෙකුත් බුද්ධි සේවාවන් සහරාජ්‍ය ආයතන හා  එක්ව, එවැනි විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇති එකම ආයතනයද ශ්‍රී ලංකා නාවික හමුදාවයි. එම අත්අඩංගුවට ගත් සියළුම මත්ද්‍රව්‍ය නිසි නීතිමය ක්‍රමවේදයන්ට අනුකූලව මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශය ඇතුළු අනෙකුත් නීතිය බලාත්මක කිරීමේ ආයතන වෙත භාරදී ඇත. ඒ අනුව, පසුගිය 2023 වර්ෂයේදී නාවික හමුදාව විසින් සිදුකරන ලද මෙහෙයුම් මඟින් රුපියල් මිලියන 26700 කට ආසන්න වීථි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ද, 2024 වර්ෂයේ මේ දක්වා සිදුකල මෙහෙයුම් මගින් රුපියල් මිලියන 9275 කට අධික වීථි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක්ද නාවික හමුදා භාරයට ගැනීමට හැකි වී ඇත.

    ·                    2024 අප්‍රේල් මස 19 වන දින මුල්ලේරියාව පොලීසිය මඟින් අයිස් මත්ද්‍රව්‍ය සමඟ ශ්‍රී  ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්තව රාජකාරී සිදුකරනු ලැබූ නාවික නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් අතර, එම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී  ලංකා පොලීසිය මඟින් පවත්වන විමර්ශන සඳහා නාවික හමුදාව පූර්ණ සහයෝගය ලබාදෙන අතර, එම නිලධාරීන් දෙදෙනා සම්බන්ධව ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් ද අභ්‍යන්තර පරීක්‍ෂණයක් ආරම්භ කර ඇත.

    ·                    උක්ත සිදුවීම හුදෙක්ම නාවික පුද්ගලයින් හතළිස් දහසක් (40000) පමණ සේවය කරන නාවික හමුදාවේ, නාවික පුද්ගලයන් දෙදෙනෙකු විසින් තම පෞද්ගලික අරමුණු ඉටු කර ගැනීමේ අරමුණින් සිදුකල ක්‍රියාවක් වුවත්,  මේවන විට ඇතැම් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ජාලා මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙතද චෝදනාවන් එල්ල වන ආකාරයෙන් මෙම සිදුවීම වාර්ථා කර ඇති අතර, එමඟින් නාවික හමුදාවේ ප්‍රතිරූපයට විශාල හානියක් සිදුවනවා මෙන්ම, එය සමස්ථ නාවික හමුදා සාමාජිකයන්ගේම චිත්ත ධෛර්යය බිඳවැටීමට ද හේතුවනු ඇත. මෙහිදී අත්අඩංගුවට ගත් නාවික පුද්ගලයින්ද විමර්ශන වලදී වැරදිකරුවන් වුවහොත් ඔවුන් හට නාවික නීතියට අනුව ගතහැකි ඉහළම දඬුවම් ලබාදීමට නාවික හමුදාව කිසිවිටකත් පැකිලෙන්නේ නැත.     

    ·                    ශ්‍රී ලංකා නාවික හමුදාව නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීමේ මෙහෙයුම් අඛණ්ඩව ඉදිරියටත් සිදුකරනු ලබන අතර, මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීම සඳහා නාවික හමුදාව ගෙන යන වැඩපිළිවෙලට ඔබ සියලු දෙනා ලබාදුන් සහයෝගය මින් ඉදිරියටත් ලබාදෙන ලෙස  නාවික හමුදාව  ඉල්ලා සිටියි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya