මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උමාඔය බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවය සඳහා ඉරාන ජනපති හෙට දිවයිනට

    අප්‍රේල් 23, 2024

     

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ  ගේ සහ ඉරාන ජනාධිපති ආචාර්ය සෙයිඩ් ඉබ්‍රහීම් රයිසි ( Dr. SEYYED IBRAHIM RAISI) මහතාගේ ප්‍රධානත්වයෙන් උමාඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය හෙට(24) ජනතා අයිතියට පත් කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර තිබේ.උමාඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය නිල වශයෙන් ජාතියට තිළිණ කිරීමේ අවස්ථාවට සහභාගි වීම සඳහා ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි මහතා හෙට (24) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. 

    මෙගාවොට් 120 ක ජල විදුලි බලයක් නිෂ්පාදනය කිරීම ට අමතරව බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කයන් හි කුඹුරු අක්කර 15000 කට යල මහ දෙකන්නයේ ම වගා කටයුතු සඳහා ජලය සැපයීමට හැකිවීමත්, බදුල්ල, මොණරාගල සහ බණ්ඩාරවෙල ප්‍රදේශ වල පානීය ජල අවශ්‍යතාව ට තිරසාර විසඳුමක් ලබා දීමට ත් උමාඔය බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතිය මඟින් අවකාශ සැලසේ.

    අමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 529ක් මෙම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් ඇස්තමේන්තු කර තිබෙන අතර එයින් සියයට 85ක ප්‍රමාණයක් ඉරාන රජය විසින් සපයා තිබේ. 2010 වසරේ දී ඇරැඹි මෙම ව්‍යාපෘතියෙන් අදියර දෙකක් යටතේ ජාතික විදුලිබල පද්ධතියට, මෙගාවොට් 120ක් එක් කිරීමට නියමිතව තිබෙන අතර වැල්ලවාය, තණමල්විල, ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඉඩම් 20,000කට පමණ වාරි ජලය සපයයි. ඊට අමතරව ලුණුගම්වෙහෙර ජලාශය දක්වා සහ කුඩා වැව් 40කට ජලය සැපයීමට ද අපේක්ෂා කරන අතර එම ජලයෙන් කොටසක් ගෘහස්ථ, පානීය සහ කාර්මික අවශ්‍යතා සඳහා ද යොදා ගැනීමට නියමිතය. උමාඔය පහළ නිම්න සංවර්ධනය යටතේ කුඩා වැව් 14ක වැඩ නිමකර ඇති අතර තවත් වැව් 15ක් සංවර්ධනය ආරම්භ කර තිබේ. තවත් කුඩා වැව් 67ක ප්‍රතිසංස්කරණ සිදුකර තිබෙන අතර උමාඔය සංවර්ධන ව්‍යාපෘතිය මහවැලි ව්‍යාපාරයෙන් පසු මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතිය ලෙස ඉතිහාසයට එක්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya