මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    IMFවසර මැද සමුළුව සඳහා ගොස් සිටින මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස ජාත්‍යන්තර හමු කිහිපයකට එක් වෙති

    අප්‍රේල් 19, 2024

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ G20 රටවල් විසින් මෙහෙයවනු ගෝලීය ස්වෛරී ණය වටමේස සාකච්ජාවට මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සහභාගී විය. මෙම හමුව තුළ ණය ගැටලු ඉක්මනින් විසඳා ගැනීමට රටවලට සහාය වීමට මුලපිරීම පිළිබද සාකච්ජා කෙරුණු අතර  එය ණයහිමියන් සහ ණයගැති රටවල පොදු ඉල්ලීමක් විය. මෙම වටමේස සාකච්ජාව අතරතුර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය හමුවීමට මුදල් රාජ්‍ය අමාත්‍යවරයාට අවස්ථාව හිමි විය.

     මේ අතර ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ උප සභාපති මාර්ටින් රයිසර් මහතා සමග හමුවක් ද පැවැත්විණි. එහි දී මීට මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකාව පැවති තත්ත්වය සිහිපත් කළ අතර අද වනටිට රට වඩාත් යහපත් තත්ත්වයක පවතින බවයි රයිසර් මහතා අවධාරණය කළේ. ලෝක බැංකුවේ අනුග්‍රහය ඇති ප්‍රතිසංස්කරණ ක්‍රමානුකූලව ක්‍රියාත්මක කිරීම පිළිබඳව සහ ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ඔහු ප්‍රශංසා එක් කළ අතර ලෝක බැංකු මූල්‍යකරණයේ මීළඟ වටය ලබාගැනීම සදහා ඉදිරි ප්‍රතිසංස්කරණ පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කෙරිණි. ලෝක බැංකුව ශ්‍රී ලංකාවට තවදුරටත් අබණ්ඩ සහයෝගය ලබාදෙන බව මාර්ටින් රයිසර් මහතා සහතික විය.

     ලෝක බැංකු සමූහයේ ප්‍රධාන පරිපාලන නිලධාරි වෙන්කායි ෂැං මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අතර හමුවක් පැවැත්විණි. චීනයේ එක්සිම් බැංකුවේ හිටපු උප සභාපතිවරයා ලෙස ඔහු ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගයට මෙහි දී ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් ස්තූතිය පළ කෙරුණු අතර මෑතකාලීන ආර්ථික වර්ධනයන් සහ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය එහි දී සාකච්ජා කෙරිණි. ලෝක බැංකුවේ පූර්ණ සහයෝගය ශ්‍රී ලංකාවට ලබාදෙන බවයි වෙන්කායි ෂැං මහතා වැඩි දුරටත් සඳහන් කළේ.

     මේ අතර එක්සත් ජනපද භාණ්ඩාගාරයේ නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කප්‍රෝත් මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ජාවක්  පැවැත්විණි. ශ්‍රී ලංකාවේ මෑතකාලීන ආර්ථික වර්ධනයන්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය, බදු පරිපාලනය ශක්තිමත් කිරීම සහ දැනට ක්‍රියාත්මක වන පාලන ප්‍රතිසංස්කරණ පිළිබඳව එහි දී සාකච්ජා කළ අතර ඇමරිකා එක්සත් ජනපදය  ශ්‍රී ලංකාවට සෑම අතින්ම උපරිම සහයෝගය ලබා දෙන බවට එහි දී සහතික විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya