මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිංහල දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් අද සිට විශේෂ බස් රථ සේවාවක්

    අප්‍රේල් 05, 2024

    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මඟින් මෙවරත් අවුරුදු සති දෙක තුල විශේෂ මඟී ප්‍රවාහන සේවා සැපයීම සඳහා වැඩසටහනක් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි  සකස් කර තිබෙන බව එහි සභාපති, ඉංජිනේරු එස්.එම්බ.ඩී.එල්.කේ.ඩී. අල්විස් මහතා සඳහන් කළේය.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කලේ ඊයේ (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

    ඒ අනුව, අද (05) සිට අප්‍රේල් 09 දක්වා උත්සව සමයේ කොළඹ සහ අවට ප්‍රදේශවල සිටින ජනතාවට ගම්බිම් බලායෑම සඳහා මෙම බස් රථ සේවාව ක්‍රියාත්මක වන අතර, කොළඹ කොටුව බස්රථ නැවතුමේ සිට බස්රථ දහසක් මේ සඳහා යෙදවීමට කටයුතු කරන බව හෙතෙම මෙහි දී පැවසිය.

    මෙම බස්රථ නුවර පාර, පුත්තලම් පාර, දඹුල්ල-ත්‍රිකුණාමලය පාර, ගාලු පාර ප්‍රධාන මහාමාර්ග හරහා යෙදවීමට කටයුතු කෙරේ.

    එමෙන්ම, අප්‍රේල් 10 සිට 12 දක්වා වැඩි මඟින් ප්‍රමාණයක් අපේක්ෂා ක‍රන බැවින් පෞද්ගලික හා රාජ්‍ය අංශයේ බොහෝ දෙනෙකු නිවාඩු ලබාගෙන සිය ගම්රටවල් බලා යන අවස්ථාවේ දී බස්රථ 1400 ක් මෙම දින දෙක තුළ කොළඹ කොටුවේ සිට මඟීන් රැගෙන පිට පළාත් වලට ධාවනය කිරීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම පැවසිය.

    අප්‍රේල් 13 සිට 14 දක්වා බස්රථ 1000 ක් ද මධ්‍යම බස්රථ හුවමාරුවේ සිට ධාවනය කිරීමට කටයුතු කරන බවත්, නැවත රැකියා සඳහා පැමිණන මඟීන් පිරිස් නැවත කොළඹ වෙත ගෙන්වා ගැනීම සඳහා අප්‍රේල් 14 සිට 17 දක්වා නැවත බස්රථ 1400 යෙදවීමට කටයුතු කරන බව හෙතෙම වැඩිදුරටත් පැවැසිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya