මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුන්හිඳ ඕඩිසි නව දුම්රිය අද සිට

    අප්‍රේල් 05, 2024

    දුම්රිය සේවාවට වසර 100ක් පිරීම නිමිත්තෙන් අද (05) සිට “දුන්හිඳ ඕඩිසි” නමින් විශේෂ දුම්රියක් ධාවනය ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තාමේන්තුවේ ඊයේ (04) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යරයා මේ බව  පැවසීය.

    සිකුරාදා දිනවල උදෑසන 6.30ට බදුල්ල දක්වා මෙම සුඛෝපභෝගී සංචාරක දුම්රිය ධාවනය ආරම්භ බවත් සංචාරකයින්ගේ ඉහළ ඉල්ලීම මත මෙය සතියකට තෙවතාවක් ධාවනය කෙරෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ඊට අමතරව “ගැලැක්සි සෝ” නමින් දේශීය කාර්මික ශිල්පීන් හා ඉංජිනේරුවන් නිර්මාණය කළ විශේෂ නැරඹුම් සහිත සංචාරක දුම්රි්යක් බණ්ඩාරවෙල සිට දෙමෝදර දක්වා දිනපතා දුම්රියක් සංචාරකයින් වෙනුවෙන් ආරම්භ වන බව පැවසූ අමාත්‍යවරයා 

    ඊට අමතරව අවුරුදු සමය වෙනුවෙන් ඊට අමතරව ලංකාවේ අනෙකුත් ප්‍රදේශවලටත් විශේෂ දුම්රිය සේවාවක් ආරම්භ කරන බව ද  පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya