අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාරා ආයතනයේ නව මධ්‍යස්ථානයක් උතුරට

    මාර්තු 28, 2024

    වත්මන් ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ  ආශිර්වාදය මත ධීවර අමාත්‍යංශය යටතේ ඇති ජාතික ජලජ සම්පත් පර්යේෂණ සංවර්ධණ නියෝජිත ආයතනය හෙවත් නාරා ආයතනයේ පර්යේෂණ මධ්‍යස්ථානයක් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා අතින් පුනරින් හිදි 2024 අප්‍රේල් 05 අරම්භ කිරිමට කටයුතු යෙදා ඇති බව ධීවර අමාත්‍යංශය නිවේදනය කරයි.

    ඒ අනුව සිය අමාත්‍යංශය යටතේ ඇති සෑම ආයතනයක්ම උතුරේ ධීවරයා නගාසිටුවීමට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනයට යොමු කිරිම මෙහි අරමුණ වන බවද වැඩිදුරටත් සදහන් කරයි.

    ධීවර අමාත්‍යංශය යටතේ ඇති ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය හෙවත් නාරා ආයතනය මෙරට පිහිටි එකම ජාතික ධීවර පර්යේෂණ ආයතනය වේ. ඔවුන් සතු විද්‍යාත්මක හා පර්යේෂණ දැනුම උතුරේ ධීවරයාගේ ජන ජීවිතය ප්‍රකෘතිමත් කරන්නට අවශ්‍ය මගපෙන්වීම සදහා උතුරු පළාතේ පිහිටුවන  නව ප්‍රාදේශීය පර්යේෂණ මධ්‍යස්ථානය මගින්  යාපනය, කිලිනොච්චිය, මුලතිව් සහ මන්නාරම යන පරිපාලන දිස්ත්‍රික්ක හතරම ආවරණය වන පරිදි දැවැන්ත පර්යේෂණ සහ සංවර්ධන වැඩසටහන් දියත් කිරීමට නාරා ආයතනය අපේෂා කරයි.

    ඒ අනුව යාපනය, කිලිනොච්චිය, මුලතිව් සහ මන්නාරම යන දිස්ත්‍රික්ක හතරෙහි මධ්‍ය ප්‍රදේශය වන පූනරින් ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ මෙම පර්යේෂණ මධ්‍යස්ථානය අක්කර භාගයකට ආසන්න මනරම් පරිසරයක පිහිටා ඇත .මෙම පර්යේෂණ මධ්‍යස්ථානය තුලින් උතුරු පලාත ආවරණය වන පරිදි සිය පර්යේෂණ කටයුතු සිදු කරන්නට බලාපොරොත්තු වන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසයි. මුහුදු කූඩැල්ලන් සහ මොදා මසුන් අභිජනනය කිරීම, විසිතුරු ජලජ පැලෑටි වගාව ප්‍රචලිත කිරීම තුලින් විදෙස් වෙළද පොළ ඉලක්ක කරගත් ධීවර කර්මාන්තයක් උතුරේ ධීවරයාට ලබාදෙන්නට හැකි සෑම පියවරක්ම මෙම ආයතනය තුළින් කිරිමට බලාපොරොත්තු  වනබවද ධීවර අමාත්‍යවරයා අවධාරණය කරයි.

    අභියෝග රාශියක් මැද උතුරේ ධීවරයා වෙනුවෙන් වෙන්වුනු පර්යේෂණ මධ්‍යස්ථානයක් බිහි කිරීමට සිය වගකීම ලෙස ගනිමින් නාරා ආයතනයේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කමල් තෙන්නකෝන් මහතා සහ නාරා වත්මන් සභාපති ආචාර්ය නිමල් කුමාරසිංහ මහතා දැඩි පරිශ්‍රමයක් ගත් බව අමාත්‍යවරයා තව දුරටත් පැවසිය.

    ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සමග නිරතුරුවම සිටිමින් උතුරේ ධීවරයා වෙනුවෙන් තම ආයතනයට කළහැකි සියලු කටයුතු මෙහෙයවන්නට ආචාර්ය කමල් තෙන්නකෝන් මහතා ක්‍රියාකරමින් සිටින බවද මෙම මධ්‍යස්ථානය ඇති කිරීම ඔහු නොසිටියා නම් තවමත් සිහිනයක් වන්නට තිබුණු බවද සිහිපත් කරන ධීවර අමාත්‍යවරයා ඔහුගේ කැපවීම මත උතුරු පළාතට පර්යේෂණ මධ්‍යස්ථානයක් තවත් නොබෝ දිනකින් හිමිවනු ඇති බවද සදහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya