අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රත්නපුර නවනගර උද්‍යානයේ ඉදි කිරීමේ ඇරඹෙයි

    මාර්තු 28, 2024

    දිවයිනේ සංචාරක පහසුකම් වැඩිදියුණු කිරිමේ වැඩසටහන යටතේ රත්නපුර නවනගරය කේන්ද්‍ර කර ගනිමින් නව නගර උද්‍යාන සංවර්ධන ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීම පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) සිදු කෙරිණි.

    රත්නපුර නවනගරයේ ඉදිකිරිමට නියමිත මෙම උද්‍යානය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්වන ස්ථානයක් ලෙස නිර්මාණය කිරිමට සැලසුම් කර ඇති අතර රු.මිලියන 100ක් ඒ සදහා වෙන්කර ඇතැයිද මාස 04 වැනි කෙටි කාලයක් තුළ එය නිමකිරිමට අපේක්ෂිත බවද පැවසුවේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා,

    මේවන විට පළාත් පාලන ආයතනවල සේවයේ නියුතු 8400ක් වැනි අනියම් ආදේශ, කොන්ත්‍රාත් පදනම මත බදවාගත් පිරිසට ඉදිරි දින කිහිපයේදි ස්ථිර පත්විම් ලබා දිමට නියමිතයි. එමෙන්ම 29,600 වන බහුකාර්ය සහයකයින්ගෙන් පත්විම් ලබා දිමට ඉතිරිව ඇත්තේ 2600ක් වැනි පිරිසකටයි.ඉදිරි මාස 03 ඇතුළත ඔවුන්ටද ස්ථිර පත්විම් ලබා දිමට නියමිතයි.

    මෙම අවස්ථාවට සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න මහතා, පළාත් සභා සභාපති කංචන ජයරත්න මහතා , ප්‍රධාන ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා , ප්‍රධාන අමාත්‍යංශ ලේකම් ප්‍රභාත් උදාකර මහතා, රත්නපුර දිසාපති වසන්ත ගුණරත්න මහතා යන මහත්වරු ද නාගරික සංවර්ධන අධිකාරියේ  නිලධාරීන්ද සබරගමු පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපතිතුමන්ද රත්නපුර හිටපු නගරාධිපති තුමන් ද හිටපු ප්‍රදේශීය සභාපතිවරුන් හා උපසභාපතිවරුන්ද හිටපු පළාත් සභා අමාත්‍යවරුන් හා මන්ත්‍රීවරුන් පිරිසක් එකව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya