අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අති නවීන තාක්ෂණයෙන් යුත් “දැඩි සත්කාර ඒකක ඇදන් 157 ක් ” මෙරට රජයේ රෝහල් 34 ක් සදහා ලබා දෙයි

    මාර්තු 22, 2024

    සීදූව “සුපුවත් අරණ” අධ්‍යාත්මක මධ්‍යස්ථානයේ නිර්මාතෘ හා අධ්‍යක්ෂ ඩැරල් කුඤ්ඤ පියතුමන්ගේ පූර්ණ මැදිහත්වීමෙන් හා සම්භන්ධීකරනයෙන් මෙරටට ගෙන එන ලද අති නවීන තාක්ෂණයෙන් යුත් දැඩි සත්කාර ඒකක ඇදන් 157 ක්   සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා වෙත භාර දීම ඊයේ(21) වත්තල Colombo Logistics ආයතනයේදී  සිදුවිය.

     

    මෙම අති නවීන තාක්ෂණයෙන් යුත් දැඩි සත්කාර ඒකක ඇදන් 157 මෙරට රජයේ රෝහල් 34 ක් සදහා ලබා දීමට සැලසුම් කර ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 4731 කි. එක් ඇදක වටිනාකම රුපියල් ලක්ෂ 30 කට අධිකය.

    ඩැරල් කුඤ්ඤ පියතුමන්ගේ ඉල්ලීමකට අනූව කැනඩාවේ පදිංචි ප්‍රැට්ට්‍රික් නිල්කමල් ප්‍රනාන්දු මහතා ඇතුලු පවුලේ අය විසින් මෙම අති නවීන තාක්ෂණයෙන් යුත් ඇදන් ලංකාවට පරිත්‍යාග කර තිබේ .

    මෙම අති නවීන තාක්ෂණයෙන් යුත් දැඩි සත්කාර ඒකක ඇදන් 157 මීගමුව, රාගම ශික්ෂණ රෝහල හා එහි විශේෂ ඒකක , වැලිසර, කොළඹ, ගුවන් හමුදා, හලාවත, පුත්තලම, සීදූව, ගම්පහ, රාගම පුණරුත්ථාපන, යාපනය, මඩකලපුව, ත්‍රිකුණාමලය, කුරුනෑගල, කනතලේ, නිකවැරටිය, පොල්පිතිගම, ගල්ගමුව, කුලියාපිටිය, මාවතගම, අලව්ව, හිරිපිටිය, මාරවිල, සෞඛ්‍ය අමාත්‍යංශය, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල, වලස්මුල්ල, යන රෝහල් වලට හා ඒකක වලට ලබා දෙනු ඇති.

    මෙහිදී සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ,

    මෙවැනි මහත් පුන්‍ය කර්මයක් සිදුකල සීදූව “සුපුවත් අරණ” නිර්මාතෘ ඩැරල් පියතුමන්ටත් මේ සදහා දායකත්වය දැක්වූ සියලුම දෙනාටත් සෞඛ්‍ය අමාත්‍යාංශය විදිහට විශේෂ ස්තූතියක් පුදකර සිටින බවය. රජය මෙරට සෞඛ්‍ය සේවාව විධිමත්ව හා කාරයක්ෂමව පවත්වාගෙන යාම සදහා වාර්ෂිකව විශාල මුදලක් වැය කරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා මෙවැනි දායකත්වයන්ද ඉතා වැදගත් බවද කීවේය.

    පැරසිටමෝල් පෙත්තේ සිට ඉතා සංකීර්ණ  සැත්කමක් දක්වා හැදුනුම්පතවත් නොබලා සුව සත්කාර  සේවාව ලබා දෙන ලෝකයේ රටවල් අතලොස්ස අතුරින් ග්‍රී ලංකාවට විශේෂ ස්ථානයක් හිමිවන බවද පැවසූ අමාත්‍යවරයා නිදහසින් පසු බලයට පත් සෑම රජයක්ම මෙරට සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමට කටයුතු කල බවද පැවසීය.

    ඩැරල් කුඤ්ඤ පියතුමන් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ .....

    කිසිම ජාති භේදයකින් තොරව සියලු දෙනාගේම සහයෝගය මත මෙම ප්‍රධානය සිදුකිරීමට හැකිවුන බවය. මෙරට රජයේ රෝහල් රෝහල් වලට අවශ්‍යය වෛද්‍ය උපකරණ ඇතුලු අනෙකුත් උපකරණ ලබා දීමට නිරතුරුව කටයුතු කරන බවත් ඉදිරියේදීත් මෙවැනි පරිත්‍යාග ලබා දීමට කටයුතු කරන බවද කීවේය.

    මෙම අවස්ථාවට සීදූව “සුපුවත් අරණ” අධ්‍යාත්මක මධ්‍යස්ථානයේ ආචාර්ය සෙලිත්මා ප්‍රනාන්දු සොයුරිය, සෞඛ්‍ය  අමාත්‍යංශයේ ජාත්‍යන්තර ප්‍රධානයන් පිළිබද සම්භන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි, Colombo Logistics ආයතනයේ අධිපති එරික් අම්බලන්ගොඩ, යන මහත්ම මහත්මීන් ඇතුළුව පිරිසක් සහභාගී වුහ.  

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya