අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලිස්පතිවරයා පත් කිරීම සහ ඔන්ලයින් සේෆ්ටි බිල් එක සම්මත කිරීම ඉතාම නිවැරදිව පාර්ලිමේන්තුව තුළ සිදුව තිබෙනවා- ඇමති ටිරාන් අලස්

    මාර්තු 22, 2024

    පොලිස්පතිවරයා පත් කිරීම සහ ඔන්ලයින් සේෆ්ටි බිල් එක සම්මත කිරීම ඉතාම නිවැරදිව පාර්ලිමේන්තුව තුළ සිදුව ඇති බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (21) පැවසීය.


    එම නිසා කතානායකවරයාට එරෙහිව ගෙනා විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය ලබාදෙන බව ද ඇමැතිවරයා පැවසුවේය.
    කතානායකවරයාට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් වූ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
    ඇමැතිවරයා මෙසේද පැවසුවේය.
    පනත සම්මත කර ගත්තා. ශ්‍රේෂ්ඨාධිකරණයේ උපදෙස්වලට පටහැනිව ගොස් ඔන්ලයින් සේෆ්ටි බිල් එක සම්මත කර ගත්තා කියලා ඒ වෙලාවේ සුමන්තිරන් මහතා ලොකු ප්‍රශ්නයක් ඇති කළා. සුමන්තිරන් මන්ත්‍රීවරයා මෙතැන බොක්ස් එකට ගිහිං නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ක කතා කරගෙන ඔක්කොම හරි කීවා. ඒ බව මටත් කීවා. මම කීවා ඔබගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් ඒ ගැන දැනුවත් කරන්න කියලා. නීතිපතිවරයාගේ ලිපියත් කතානායකවරයාට ලැබුණා. ඒ අනුව මෙය සම්මත කර ගත්තා. මොකද්ද මේ ප්‍රශ්නය කියලා මට නම් තේරෙන්නේ නැහැ. නිවැරදි විදියට සම්මත කර ගත් පනතක් වැරදියි කියලා විටින් විට විපක්ෂය ප්‍රකාශ කරන්නේ ඇයි කියලා තේරෙන්නේ නැහැ. අනික් එක තමයි පොලිස්පතිවරයා පත් කර ගැනීම. වැඩ බලන පොලිස්පතිවරයා ලෙස පත් කිරීම සඳහා තමයි ජනාධිපතිවරයා නම එව්වේ. ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් ඊට පක්ෂව ඡන්දය ලබාදී වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කළා. මාස තුනක් තුළදී යුක්තිය මෙහෙයුම ක්‍රියාවට නැංවූවේ අපේ ජීවිත පවා පරදුවට තබලා. මේ දේ කරන විට පොලිස්පතිවරයාට එරෙහිව නඩු දාන්න ගත්තා. එකම කල්ලියක් තමයි මේ නඩු දාන්නේ. යුක්තිය මෙහෙයුම නැවැත්වීම තමයි එහි අරමුණ වුණේ. මාස තුනකට පසුව පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා දේශබන්දු මහතාගේ නම ඉදිරිපත් කළා. ව්‍යවස්ථායක සභාවේ ඡන්දය අනුව එතුමා පත් කිරීමට පක්ෂව හතරකුත්, විපක්ෂව හතරකුත් තිබෙන බව ජනාධිපතිවරයාට දැනුම් දීමට කතානායකවරයා ජනාධිපතිවරයාට දැනුම් දුන්නා. කතානායකවරයාගේ ඡන්දය පොලිස්පතිවරයාට පක්ෂව ලබාදෙන බවත් දැනුම් දුන්නා. අපි මොන තර්ක කළත් අවසානයේ පස්දෙනකු සම්මත කර ගැනීමට එකඟව තිබෙනවා. මේක වැරදියි කියලා එක එක ප්‍රශ්න විපක්ෂය ඉදිරිපත් කරනවා. ගැසට් නිවේදනයේ තිබෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින්ම ගැසට් කළ කොන්දේසි. දෙන්නෙක් ඡන්දය නොදී සිටීම මඟින් කුමන්ත්‍රණයක් කළා. ඔවුන්ට ගැසූ ගැසට් එකේ පැහැදිලිවම රූල්ස් ඉදිරිපත් කර තිබියදීත් විපක්ෂය මෙසේ හැසිරෙන්නේ ඇයි කියලා අපට ගැටලුවක්. මේ අනුව කතානායකවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට නොහැකියි.
    වෙඩක්කුනාරිමලෙයි ප්‍රදේශයේ පසුගියදා සිදු වූ මහා ශිව රාත්‍රී ගැටලුව සම්බන්ධයෙන් විපක්ෂය කෑගැහුවා. මෙතැන කිසිම කෝවිලක් නැහැ. පුරාවිද්‍යාවට අයිති තැනක් ඒක. අනුරාධපුර යුගයට අයත් බෞද්ධ සිද්ධස්ථානයකට අයත් බවට හඳුනා ගත් ස්ථානයක් බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. වසර ගණනාවක් තිස්සේ මේ ස්ථානයට නඩු තිබෙනවා. අනවසරයෙන් තැන්පත් කර ඇති ශිව ලිංගයට පුද සත්කාර කිරීමට 2023 වසරේදී උත්සාහ කළා. ස්වාමීන් වහන්සේලා ගිහිං විරෝධතා දැක්වීමට සූදානම් වූ විට බොහොම අමාරුවෙන් එය අපි නතර කර ගත්තා. උතුරුකරයේ ඡන්ද බලාගෙන බොරු දේවල් පාර්ලිමේන්තුවට ගෙන නොඑන ලෙස විපක්ෂයෙන් ඉල්ලා සිටිනවා.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya