අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාන්තා අයිතිවාසිකම් පනත ළඟදීම පාර්ලිමේන්තුවට-අගමැති

    මාර්තු 22, 2024

    අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික් කාන්තා දින සමරු උත්සවය ‟කොළොම්පුර ලිය අභිමන් 2024″ වැඩසටහන කොළඹ , දිසාපති කාර්යාලයේදී ඊයේ(21)පැවැති අවස්ථාවේදීය.


    දිස්ත්‍රීක්කයේ හොඳම ව්‍යවසායිකාවන් සඳහා සම්මාන හා සහතික පත්‍ර ප්‍රදානය කිරීම , ගැබිනි මව්වරුන් සඳහා අත්‍යාවශ්‍ය උපකරණ බෙදා දීම සහ වනිතා සංවර්ධන නිලධාරීන් සඳහා සම්මාන හා සහතික පත් ප්‍රදානය කිරීම මෙහිදී සිදුකෙරුණි.
    එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා -
    සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම කාන්තාවන්ගේ බලාපොරොත්තු සහ සතුට ඇති කිරීම රජය හැටියට අපට ලබා දිය හැකි උපරිම උත්සාහයයි. ජනාධිපතිතුමා ප්‍රකාශයට පත් කළා වගේ ඉදිරි මාසය ඇතුළත කාන්තාවන් සඳහා සුවිශේෂ නීති මාලාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙනවා. ලංකා ඉතිහාසයේ පළවෙනිම කාන්තාවන් සඳහා වූ කොමිසමක් ඇතුළත් කාන්තාවන්ගේ දියුණුව ආරක්‍ෂාව ඒවගේම කාන්තා අයිතිවාසිකම් පිළිබඳ පනත පාර්ලිමේන්තුවට එනවා. එමගින් බොහෝ දේවල් ඇති කරලීමට පුළුවන්කම ඇති අනාගතයකට අප ගමන් කිරීමට බලාපොරොත්තු වෙනවා.
    ලොව පුරා කාන්තා අයිතිවාසිකම්, කාන්තාවන්ගේ ජයග්‍රහණ, කාන්තාවන්ගේ ප්‍රාර්ථනා වෙනුවෙන් ඇති වී තිබෙන ජාත්‍යන්තර කාන්තා දිනය ඉතා වැදගත්. එය අපේ මව්වරුනට, සහෝදරියනට අලුත් ධෛර්යයක් අලුත් බලාපොරොත්තුවක් ලබා දෙනවා. අලුත් අනාගතයකට මුහුණ දීම සඳහා වූ විශාල විශ්වාසයක් ඇති කරනවා. ඒ තුළින් අපේ කාන්තා පරම්පරාවගේ දක්ෂතා, නිෂ්පාදන අලුත් ආදායම් මාර්ග නිර්මාණය කර ගැනීමට හැකිවීම වැදගත්. උත්සාහවන්තව අලුත් ආදායම් මාර්ග හොයන අපේ ගෙදර දොර මව්වරු, තරුණ සහෝදර සහෝදරියෝ ඒ සඳහා උදව්වීම තමයි පොහොසත් බවට එක්වන්නට තිබෙන මාර්ගය. අවුරුදු කාලය ළං වෙනවා. සිංහල හින්දු අලුත් අවුරුද්දට කොයිතරම් ධෛර්යවන්තව අපේ කාන්තාවන් එක්වෙනවාද. ගෙදර දොරේ, ඒ වගේම අපේ ප්‍රදේශවල, අපේ වෙළඳපළවල්වල ඔබ බොහෝ දෙනා නිෂ්පාදනය කරන දේ වැඩියෙන්ම දකින්න ලැබෙන කාලය තමයි මේ ඉදිරියට එන්නේ.
    ඔබ කාගේත් බලාපොරොත්තු අලුතෙන් ඇති කරගන්න පුළුවන් වසරක් ලෙස පසුගිය කාලයේ මගහැරී තිබුණු සංවර්ධන වැඩ අලුතින් ආරම්භ කරන්න පුළුවන් අලුත් වැඩපිළිවෙලකට මේ වසරේ ජනාධිපතිතුමා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා. සහයෝගයෙන් එකමුතුවෙන් අපට කරන්න පුළුවන් දේ කළයුතුයි. රජය විතරක් නෙවෙයි, හැමෝම එකතු වෙලා අලුත් දේ නිෂ්පාදනය කරන්න මේ ලිය අභිමන් වැඩසටහනක් දහිරියක් වනවා ඇති.
    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ආචාර්ය මේජර් ප්‍රදීප් උදුගොඩ, ප්‍රේමනාත් දොලවත්ත, ජගත් කුමාර, යදාමිණි ගුණවර්ධන, කොළඹ දිසාපති කේ. ජී. විජේසිරි, නිළධාරීන්, කොළඹ දිස්ත්‍රික් කන්තා බල මණ්ඩල නියෝජිතයින්, මෙම අවස්ථාවට සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya