අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතුරුදහන් වු තැනැත්තන් පිළිබද පැමිණිලි විමර්ශන ලබන වසරේ දෙසැම්බර් වන විට අවසන් කරනවා - අධිකරණ ඇමති

    මාර්තු 22, 2024
    2025 දෙසැම්බර් 31 විට  අතුරුදහන් වු තැනැත්තන් පිළිබද පැමිණිලි විමර්ශන අවසන් කරන බව හා වන්දි ලබාදීම නියමිත බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
     
    අමාත්‍යවරයා මේ බව පැවසුවේ , අතුරුදහන් වු තැනැත්තන් පිළිබද කාර්යාලය විසින් සංවිධානය කරන ලද අදාළ පාර්ශ්ව සමග සහයෝගයෙන් කටයුතු කර මාර්ගෝපදේශ සකස් කිරීම සම්බන්ධයෙන් කොළඹ පදනම් ආයතනයේ පැවති වැඩමුළුව සදහා ඊ (21)  එක්වෙමිනි.
     
    එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා :-  
     
    පසුගිය දශක හතරක පහක කාලය තුළ ශ්‍රී ලංකාව තුළ ද අප අත්විඳින ලද ඉතා අවාසනාවන්ත අත්දැකීම් වලින් පසුව 1971 කැරැල්ලේදී 12,000 ක් පමණ මිය ගියා. 1989 ජේ.වී.පී. විසින් ඇති කළ භීෂණ තත්වය හේතුවෙන් දකුණේ 60,000 ක් ඝාතනයක වුණා. කොටි ත්‍රස්තවාදී යුද්ධය දශක තුනක් පැවතුනා. ඒ හේතුවෙන්  මරණ  60,000 ක් සිදු වුණා. අපේ වගේ පුංචි රටක ඒක දරාගන්නට බැහැ.
     
    කවුරුන් ඝාතනය කළත් අතුරුදහන් වූවත් ඔවුන් සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ හෝ බර්ගර් කුමන ජාතියකට අයත් වුවත් එය වැදගත් නැහැ. එසේ ඝාතනය වු ඔහු හෝ ඇය ශ්‍රී ලාංකික පුරවැසියන් බව කිව යුතුයි. 2016 වසරේදී අතුරුදහන් වු තැනැත්තන් පිළිබදව වු කාර්යාල පනත විපක්ෂයේ දැඩි විරෝධයත් එක්ක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එම පනත අනුව අතුරුදහන් වු තැනැත්තන් පිළිබද කාර්යාලය ස්ථාපිත කළා.
     
    අතුරුදහන් වු තැනැත්තන් පිළිබදව වු  කාර්යාලයේ  පසුගිය කාලයේ  කාර්ය සාධනය ගැන සතුටු වෙන්න බැහැ. මා අධිකරණ අමාත්‍යවරයා වශයෙන් රාජකාරි භාර ගැනීමෙන් පසු විමර්ශන දත්ත පරීක්ෂා කළා. විමර්ශන සිදු කර තිබුණේ පැමිණිලි 62 ක පමණයි. එම ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා අපි කාර්යාලයට උපදෙස් ලබා දුන්නා. 
     
    අතුරුදහන් වු තැනැත්තන් නොසිටියත්, අඩුම තරමින් එම පුද්ගලයාට සිදුවූයේ කුමක්දැයි දැන ගැනීමට ඥාතීන්ට අයිතියක් තිබෙනවා. එම කාර්යාලය තුළ මේ වන විට පවතින පැමිණිලි 14,700 න් පැමිණිලි 5600 ක පමණ විමර්ශන සිදු කර තිබෙනවා. එම තත්වය සතුටුදායකයි .නමුත් තවමත් අප සෑහීමකට පත් විමේ හැකියාවක් නැහැ. විමර්ශනය කිරීම සදහා කාල රාමුවක් අපි සකස් කළා. 
    ඒ අනුව 2025 දෙසැම්බර් 31 විට  ලැබී ඇති සියලු පැමිණිලි පිළිබදව විමර්ශන අවසන් කළ යුතුයි. විමර්ශනය සිදු කරන ලද පැමිණිලි වලින් ඔවුන් සැලකිය යුතු ලිපිගොනු ප්‍රමාණයක් හෝ හානිපූර්ණ කාර්යාලය වෙත යොමු කර තිබෙනවා. 
     
    ජාතීන් අතර  ගැටුම් නැවත ඇතිවීම වැලැක්වීම සඳහා අපගේ උපරිම ප්‍රමුඛතාවය දීය යුතුයි. ඒ නිසා අප ජාතික එකමුතු හා සංහිඳියා කාර්යාලය ආයතනයක් වශයෙන් ස්ථාපිත කලා. 
     
    අපි රට පුරා ග්‍රාම සේවා වසම් 14,000 ම ආවරණය වන පරිදි ජාතික සංහිදියා කමිටු ස්ථාපිත කිරීම ආරම්භ කළා. අපි දැනටමත් ග්‍රාමසේවා වසම් 11,000 ක එම කමිටු පිහිටුවා තිබෙනවා. අපේ ඉලක්කය විය යුත්තේ කිසියම් ආකාරයක ප්‍රචණ්ඩ ක්‍රියාවක් ඇතිවීම හෝ රට තුළ පුද්ගලයන් අතුරුදහන් වීම වැළැක්වීමයි.
     
    2016 අංක 14 දරණ අතුරුදහන් වු තැනැත්තන් පිළිබද කාර්යාලය පනතට අනුව 2016 පෙබරවාරි 28 වන දින මෙම කාර්යාලය ස්ථාපිත කර ඇති අතර, ජනාධිපති අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ, අතුරුදහන් වු තැනැත්තන් පිළිබද කාර්යාලයේ සභාපති නීතිඥ, මහේෂ් කටුලන්ද, අතුරුදහන් වු තැනැත්තන් පිළිබද කාර්යාලයේ විධායක අධ්‍යක්ෂක ජේ.තත්පරන්, ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ Ynske Vandrmael යන මහත්ම මහත්මීන් මෙහිදී අදහස් පළ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya