අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී පරාජය වෙයි.

    මාර්තු 21, 2024

    පසුගිය ‍19 වැනිදා විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (21) පාර්ලිමේන්තුවේදී පරාජයට පත් විය.

    ඒ අනුව විශ්වාසභංග යෝජනාවට අදාල විවාදය පසුගිය 19, 20 සහ  අද (21) දිනය පුරා පැවති අතර විවාදය අවසානයේ පස්වරු 4.30ට පමණ පැවති ඡන්ද විමසීමේදී යෝජනාවට විරුද්ධව ඡන්ද 117 ක් හිමිවූ අතර පක්ෂව හිමිවූයේ ඡන්ද 75 ක් පමණි.

    කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 42 කින්  පරාජය වූ අතර ඉන් අනතුරුව කථානායකවරයා විසින් ප්‍රකාශයක් සිදු කරන ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya