අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාතාලය මර්ධනය කරමින් යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වන විට ඇතැමුන් එය කඩාකප්පල් කිරීමට උත්සාහ කරනවා- ඇමති මහින්ද අමරවීර

    මාර්තු 21, 2024

    පාතාලය මර්ධනය කරමින්  යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වන විට ඇතැමුන් එය කඩාකප්පල් කිරීමට උත්සාහ දරන  බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද(21) පාර්ලිමේන්තුවේදි පැවසීය. පොලිසිය හැසිරවීමට බැරි වෙන විට ඇතැම් පිරිස් දේශපාලඥයින්  හරහා මෙම කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා කිසිදු පදනමක්  නොමැතිව අද මෙම විවාදය ගෙන යන බවද පෙන්වා දුන්නේය.

    කථානායකවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් වූ විවාදයේ අවසන් දිනය වන අද(21) දින විවාදයට එක්වෙමින් අමරවීර මහතා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ,

    පාර්ලිමේන්තුව පිළිබඳව අද රටේ ජනතාවගේ විශ්වාසය කඩ වී තිබෙනවා. මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවේ කතා කරන්නේ මාධ්‍ය ඉලක්ක කරගනිමින්.  ඒ් නිසා තමයි අද පාර්ලිමේන්තුව මෙතරම් හෑල්ලු වී තිබෙන්නේ. පාර්ලිමේන්තුව  අද වන විට ඉතාමත් අසංවර පාර්ලිමේන්තුවක් බවට පත් වී තිබෙනවා. පාසල් දරුවන් පාර්ලිමේන්තුව නැරඹීමට එනව. එහෙත් පාර්ලිමේන්තු කතා වලදී පාසල් දරුවන් වැඩි ප්‍රමාණයක් ඉවත් කිරීමට සිදු වී තිබෙනවා.  මේ නිසා අසංවර තත්වයක් ඇති වී තිබෙනාව. පාර්ලිමේන්තුවේ කාලය  සෑම විටම වැඩිපුර දුන්නේ විපක්ෂයටයි. විපක්ෂ නායකවරයා උදෑසන වැඩි වේලාවක් කාලය ලබා ගත්තා. ඉතිහාසයේ වැඩිපුරම කාලය ලබා ගත්තේ විපක්ෂ නායකවරයායි. මේ නිසා විපක්ෂයේ අනෙක් මන්ත්‍රිවරුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා.

    කතානායකවරයා ඉදිරියේදී මෙම තත්වය පාලනය කළ යුතුයි. ප්‍රශ්න සඳහා ලබා දෙන කාලය ඉක්මනින් අවසන් කර විවාදය ඉදිරියට ගෙන යා යුතුයි.

    කතානායකවරයා, නියෝජ්‍යකතානායකවරයා ප්‍රමුඛව ඉදිරියේදි පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුකූලව මෙම කටයුතු කළ යුතුයි. කතානායකවරයාට ගෙනෙන විෂ්වාසභංගයට කිසිදු පදනමක් නැහැ. අද වන විට පාතාලය මර්ධනය කිරීමට යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වෙනවා. පොලිස්පතිවරයා විසින් ඒ සඳහා විශාල කාර්යභාරයක් සිදු  කරනවා.මෙම ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමට ඇතැම් අය උත්සාහ කරනවා.

    මෙම පොලිස්පතිවරයා මත් උවදුර නැති කරන්න මහන්සි වෙනවා. මම හිතුවේ සිලු දෙනා එක හඩින් මෙම පොලිස්පතිවරයාට සහාය ලබා දෙයි කියලා. එදා අරගල සමයේ  පාර්ලිමේන්තුව වටලල අල්ලා ගත්තා නම් ප්‍රජාත්‍රන්තවාදයට කුමක් වෙයිද? එක්කෝ පාර්ලිමේන්තුව ගිනි තියන්න තිබුණා. නමුත් ආරක්ෂක අංශ සමග එක්ව කටයුතු කළ නිසයි මෙම පාර්ලිමේන්තුව බේරුණේ.

    අද මේ රට මෙම තත්වයට ගෙනාවේ මොන තරම් අභියෝග මධ්‍යයේද?  බාධා කිරීම මධ්‍යයේ හෝ රට මේ තත්වයට ගෙන ඒම සම්බන්ධයෙන් අප සතුටු වෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya