අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආණ්ඩුවේ සාර්ථකත්වය විපක්ෂයට ඉවසා ගත නොහැකි වී තිබෙනවා - විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා

    මාර්තු 21, 2024

    ආණ්ඩුවේ සාර්ථකත්වය ඉවසා ගත නොහැකි විපක්ෂය පාර්ලිමේන්තුවට පැමිණ කුමන හෝ ගැටලුවක් ඇති කිරීමට හැමවිටම උත්සාහ දරන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පැවසීය.

    කතානායකවරයාට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් වූ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
    ඇමැතිවරයා මෙසේද පැවසුවේය.
    මෙම විශ්වාසභංගයේ කරුණු දෙකක් සඳහන් කර තිබෙනවා. විපක්ෂයේ අය මැරිලා ඉපදිලා වගේ මේ සභාවේ කතා කරනවා. විපක්ෂය මුලින්ම රුපියල කඩන් වැටෙනකන් බලා හිටියා. එය සාර්ථක වුණේ නැහැ. ඊට පසුව බැංකු කඩන් වැටෙනකන් බලන් හිටියා. ඒක සාර්ථක වුණෙත් නැහැ. උද්ධමනය වැඩියි කීවා. අපි ඒකත් පාලනය කළා. රට හදන්න නෙවෙයි විපක්ෂයේ බලාපොරොත්තුව. රට වට්ටන්න තමයි ඔවුන්ගේ අපේක්ෂාව. රට නිසි මඟකට අපි ගන්න හදනකොට දැන් විපක්ෂය කතානායකවරයා අල්ලාගෙන දඟලනවා. ඔන්ලයින් සේෆ්ටි බිල් එක එකක්. නීති හැදීමේ බලය පාර්ලිමේන්තුවට තිබෙනවා. එහි ක්‍රියාපටිපාටිය පාලනය කිරීම තමයි කතානායකවරයාට තිබෙන්නේ. නීතිපතිවරයාගේ උපදෙස් අනුව කතානායකවරයා කටයුතු කළා. එහි වැරැද්දක් නැහැ. සියලුම දේවල් නීතියට අනුගතව සංශෝධනය කිරීම් කර තිබෙන බවට නීතිපතිවරයා සඳහන් කරනවා. ඔන්ලයින් සේෆ්ටි බිල් එකේදී කතානායකවරයා කර තිබෙන්නේ නිවැරදි දෙයක්. පොලිස්පතිවරයා පත් කිරීමේ කාරණාවේදී ව්‍යවස්ථාදායක මණ්ඩලය විසින් ඡන්දය දීමට හෝ විරුද්ධ වීමට පුළුවන්. ඡන්දය නොදී වැළකීමට නොහැකියි. එහෙම කරන්නේ නම් එය කරනුයේ ආණ්ඩුව ව්‍යාකූල තත්ත්වයට පත් කිරීමට. ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන්නේ ව්‍යවස්ථාදායක සභාවේදී ඡන්දය දීමෙන් වැළකී සිටි නිර්පාක්ෂික යැයි කියන සාමාජිකයන් දෙන්නා. ඔවුන් දැන දැනම ඒ දේ කළා. ඔවුන්ම හැදූ දෙයට ඔවුන් ඡන්දය දීමෙන් වැළකී සිටිනවා. ව්‍යවස්ථාදායක සභාවේ තීරණයේදී කතානායකවරයා ඉතා නිවැරදිව තීරණ ගෙන තිබෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya