අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට අරාජික වීමට ගිය අවස්ථාවක ප්‍රජාත්‍රන්තවාදය ආරක්ෂා කර ගැනීමට කතානායකවරයා මැදිහත් වුණා -ඇමති බන්දුල

    මාර්තු 21, 2024

    රට අරාජික වීමට ගිය අවස්ථාවක ප්‍රජාත්‍රන්තවාදය ආරක්ෂා කර ගැනීමට කතානායකවරයා මැදිහත් වූ බව  ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    මීට වසර 02කට පෙර රටේ අරගලයක් ඇති වූ අවස්ථාවක, රට අරාජික වීමට ඉඩ නොදි ප්‍රජාත්‍රන්තාවදය ආරක්ෂා කිරීමට ගත් උත්සාහයට කෘතවේදී ඡන්දයක් ලෙස තමා මෙම ඡන්දය භාවිතා  කරන බවද හෙතෙම පැවසීය.

    කථානායකවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් වූ විවාදයේ අවසන් දිනය වන අද(21) දින විවාදයට එක්වෙමින් අලි සබ්රි අමාත්‍යවරයා මේ බව පැවසීය. බොරු සිල්ලර කරුණු කියමින් කතානායවරයාට චෝදනා එල්ල‌ නොකර මෙම රට ප්‍රජාත්‍රන්තවාදය රකින රටක් බවට පත් කිරීමට සහය දියයුතු බවද පෙන්වා දුන්නේය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ,

    අද මට දැනෙන කාරණයක් තිබෙනවා.  පාර්ලිමේන්තු ප්‍රජාත්‍රන්තවාදය සහ පාර්ලිමේන්තු ක්‍රමය ඉතා  දරුණු අර්බුදයකට ලක් කරමින් තියුණු සමාජ අර්බුදයකට යාමට අපි දායක වෙනවාද කියා  විටෙක මට සිතෙනවා.  අපි පාර්ලිමේන්තුවට තේරි පත් වූ සමයේ තිබූ තත්වය මීට වඩා දරුණුයි.  1989 කාලයේදී පාර්ලිමේන්තුව වර්ජනය කිරීමටඅපි හැමෝටම ලිපියක් ආවා, . ඡන්දය දෙන අයව මරා දැමුවා. විජේකුමාරතුංග,මහාචාර්ය ස්ටැන්ලි සොයිසා වැනි අය මරා දැමුවා. මටත් මරණ දඩුවම සහිත ලිපියක් නිවසට ආවා. ඒ තරමට මෙම පාර්ලිමේන්තුව එපා කළ කාලයක් තිබුණා. මුළු රටම ලේ විලක් බවට පත් කරමින් වටිනා මනූෂ්‍ය ජීවිත සහ අහිංසක තරුණයින් 60,000ට වැඩි පිරිසක් මරා දැමුවා.  අපි මෙම මනූෂ්‍ය ඝාතන වැලැක්වීමට විශාල වෙහෙසක් දැරුවා.  වැරදි දේශපාලන මතවාද නිසා අහිංසක මිනිසුන් මැරුණා.  භිය  හා සැකය නිසා  නිවසක තරුණයෝ තියා ගත්තේ නැහැ.

    මේ වසන්ත සමය නොවෙයි. මේ රටේ ලක්ෂ ගණනාවක ජනතාවට කෑමට ආහාර දීම, බෙහෙත් ලබා දීම තමයි අද වගේ දවසකතිබෙන ප්‍රධාන ප්‍රශ්නය අන්තිම අසීරු අවස්ථාවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇවිත්  ඒ් සඳහා සහාය ලබා දුන්නා. මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගියේ  නැති නම් , කවුරු ආණ්ඩුව ගත්තත්  නිවැරදි ක්‍රමවේදය හදා ගන්න බැරි වෙනවා. මේ අන්තිම අවස්ථාවේ කඩා වැටී ඇති ආර්ථිකය නිවැරදි පීල්ලේ තබන්න උත්සාහ කරන මොහොතක්. මම ලෝක සමුළුවකට ගිහින්  හදිසියේ ඡන්දය ලබා දීම සඳහා නැවත පැමිණියා. කතානායකවරයා රට අරාජික වීමට යන විට ප්‍රජාත්‍රන්තවාදය ආරක්ෂා කර ගැනීමට උත්සාහ කළ නිසා එම කෘතවේදි භාවය පිරිනැමීමට තමයි මෙම ඡන්දට පාවිච්චි කරන්නේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya