අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කතානායකවරයා ඔහුගේ වගකීම ඉෂ්ඨ කළ කතානායකවරයෙක් - රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාර

    මාර්තු 21, 2024

    කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා යනූ සිය වගකීම සෑම මොහොතකම නිවැරදිව ඉටුකළ කතානායකවරයකු බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.


    දීර්ඝකාලීන දේශපාලන අත්දැකීම් ඇති කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කතානායක ධූරයෙහි මෙන්ම විවිධ අවස්ථා වලදී දරන ලද සෑම තනතුරකම වගකීම් නිවැරදිව ඉටුකර ඇති බවත් විපක්ෂය විසින් මෙවන් යෝජනාවක් ගෙනවිත් ඇත්තේ තම දේශපාලන පැවැත්ම වෙනුවෙන් බවත් ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
    රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව සමගි ජනබලවේගය විසින් ඉදිරිපත් කරන ලද විශ්වාස භංග යෝජනාව පිළිබඳ විවාදයට ඊයේ (20) එක් වෙමිනි.
    සමාජ මාධ්‍ය නියාමනයක් අවශ්‍ය බවට අද පොදුජන සමාජයේ විශාල හඩක් පවතින බවත් විපක්ෂය මෙම විශ්වාස භංගය කතානායකවරයාට එරෙහිව ඉදිරිපත් කිරීමට හේතුවක් ලෙස මෙම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්මත කිරීම සිදුකළ දිනයේ කතානායකවරයා කටයුතු කළ ආකාරය චෝදනාවක් ලෙස ඉදිරිපත් කර ඇති බවත් හෙතෙම පැවසීය. කෙසේ වුවද කතානායකවරයා මෙහිදි කටයුතු කර ඇත්තේ තම අභිමතය පරිදි නොව නීතිපති දෙපාර්තමේන්තුව හා නීතිපතිවරයා විසින් ලබාදී ඇති උපදෙස් පරිදි බවද රාජ්‍ය ඇමතිවරයා පැවසීය.
    රාජ්‍ය ඇමතිවරයා මෙසේද පැවසීය.
    කතානායකවරයා කියන්නේ අපේ රටේ සිටින දේශපානඥයින් අතරින් සුවිශේෂි චරිතයක්. නිවැරදි අවස්ථාවේදී නිවැරදි තීන්දු ගතයුතුයි යන්න තහවුරු කරන්නට උදාහරණ රැසක් තිබෙනවා. එතුමා 1983 දී අතුරු මැතිවරණයේදී හක්මන ආසනය ජය අරන් මාතර ජනතාව වෙනුවෙන් සේවය කිරීමට කැපවූ නායකයෙක්. පළාත් සභා ක්‍රමය එපා කියන වකවානුවකදී තම මතය ප්‍රතිපත්තිය නිවැරදිව කියමින් කොන්ද කෙලින් තබාගෙන කටයුතු කළ දේශපාලකයෙක්. මහින්ද යාපා අබේවර්ධන මහතා අමාත්‍ය ධූර ගණනාවක් දරා තිබෙනවා.ඒ එකම අමාත්‍යාංශයක් යටතේවත් වංචා දූෂණ සිදුකළා කියලා එතුමාට චෝදනාවක් නැහැ. විශ්වාස භංග යෝජනාව ගේන්න හේතුවී තිබෙන ප්‍රධානම කාරණය තමයි ඔන් ලයින් සේප්ටි බිල් එක ගෙනාපු වෙලාවේ එතුමා ක්‍රියාකළ ආකාරය . අද පාර්ලිමේන්තුවේ තිබුණා, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් ඇවිත් වැඩමුළුවක් පැවැත්වූවා. මහජන නියෝජිතයින් වෙනුවෙන්. එහිදි සිදුකළ දේශන වලින් තහවුරු දෙයක් තමයි අදවනවිට සමාජ මාධ්‍ය තුළින් විශාල බලපෑමක් සිදු වෙනවා,මේවායින් අගතියට පත්වන අයට පිළිසරණ පතා යාමට තවමත්
    නැති බවට. ඒ නිසා මහජනතාවගේ විශාල ඉල්ලීමක් තිබෙනවා, සමාජ මාධ්‍ය නැති කරන්න නෙවෙයි. සමාජ මාධ්‍ය අත්‍යාවශ්‍යයි. සන්නිවේදනයක් කරන්න පුළුවන්. නමුත් අයහපත් දේවල් වළක්වන්න පොදු නියාමන වැඩපිළිවෙලක් අවශ්‍ය බවට. ඒ අනුව තමයි මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙනවිත් සම්මත කිරීමට කටයුතු කළේ.
    පාර්ලිමේන්තුවේ පනත සම්මත කරන වෙලාවේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, නීතිකෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරින්ද හිටියා. විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඒ නිලධාරින්ගෙන් විමසනව අපි දැක්කා. තැන් තැන්වල කියන දේවල් වලට කටයුතු කරන්නට කතානායකවරයාට බැහැ. එතුමාට කටයුතු කරන්නට සිදුවන්නේ නීතිපති දෙපාර්තමේන්තුව හා නීතිපතිවරයා සමඟ. නීතිපතිවරයා කියනවානම් පනත් කෙටුම්පත සම්මත කළ ආකාරය නිවැරදියි කියලා, පාර්ලිමේන්තුව තුළ එය බහුතරයකින් සම්මත කර තිබෙනවානම් ඒකට අවශ්‍ය ඊළඟ ක්‍රියාමාර්ග ගැනීම කතානායකවරයාගේ වගකීමයි. ඒ වගේම කතානායක මහින්ද යාපා අබේවර්ධන කතානායකවරයා කියන්නේ වගකීම් පැහැර හැරි කතානායකයෙක් නොව වගකීම් ඉටුකළ කතානායකවරයෙක්.
    එතුමාට ගේන අනිත් චෝදනාව තමයි ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රශ්නය. ඒ ප්‍රශ්නය තමයි පොලිස්පතිවරයෙක් හිටියේ නැහැ රටට. ඒ දවස්වල හැමදාම පාර්ලිමේන්තුවේ නැගිටලා පොලිස්පතිවරයෙක් නැහැ කියනවා. ජනාධිපතිවරයාගේ වගකීම තමයි එහිදි පොලිස්පතිවරයෙක් පත් කිරීම සදහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලබා ගැනීම. ඒ නිසා බොාහොම පැහැදිලිව ජනාධිපතිවරයා විසින් සිදුකරන නිර්දේශ අනුමත කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම. 41 වන ව්‍යවස්ථාව අනුව කටයුතු කර තිබෙනවා.
    එහෙමනම් ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි. ව්‍යවස්ථා දායක සභාවක කැමතිත් නැති , අකමැතිත් නැති වැනෙන අය හිටියම කටයුතු කරන්නෙ කොහොමද. ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආදිපත්‍ය ගැන කතා කරන අය ව්‍යවස්ථානුකූළව කරන්න තිබෙන දේවල් වලටවත් සහය දෙන්නේ නැහැ. විපක්ෂයේ අවශ්‍යතාව රට අරාජික කිරීමයි. හැම තැනම මිනිස්සු මරලා, කුඩු ව්‍යාප්ත වෙලා රට අරාජික වීමයි ඔවුන්ගේ අරමුණ. ඒ ඇතිවන ජන පීඩනය පදනම් කරගෙන ඒ පීඩනය තුළින් බලය ලබා ගන්න බලනවා. එක එක්කෙනා විවිධ ක්‍රමවේද වලට එන්නේ. මේ හැම දේකම තිබෙන්නේ බලය ලබා ගැනීමයි. පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කතානායකවරයා කටයුතු කළ ආකාරය බොහොම නිවැරදියි.ඒ නිසා තව දුරටත් රට අරාජික වීමට ඉඩ නොදී කටයුතු කිරීමසම්බන්ධයෙන් කතානායකකවරයාට අපි ස්තූතිය පිරිනමනවා.
    මුදල් පිළිබඳකාරක සභාවේ සභාපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් චෝදනා කරනවා. සමහර කාරණා වලට කතානායකවරයාට විරුද්ධ වෙන්න පුළුවන්ද.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya