අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2024 යල කන්නයේ වී වගාව සඳහා පොහොර මිල දී ගැනීමට රුපියල් මිලියන 7500ක් ගොවි ගිණුම්වලටම යෙදවීමට රජය තීරණය කරයි.

    මාර්තු 21, 2024

    2024 යල කන්නයේ වී වගාව සඳහා පොහොර මිල දී ගැනීමට රුපියල් මිලියන 7500ක් ගොවි ගිණුම්වලටම යෙදවීමට රජය තීරණය කරයි.

     

    2024 යල කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර මිල දී ගැනීමට හෝ වෙනත් කෘෂිකාර්මික අවශ්‍යතා සඳහා යොදා ගැනීමට ගොවි ජනතාවට පහසුකම් සැලසීමට රජය විසින් රුපියල් මිලියන 7500ක මුදලක් වෙන් කිරීමට තීරණය කරන ලදැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

    මෙවර යල කන්නයේ වී වගාකරන කුඹුරු හෙක්ටයාර් ලක්ෂ 05කට හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක් බැගින් මුදල් ගොවි ගිණුම්වලටම යොමු කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් කටයුතු සංවිධානය කර තිබේ. ඒ සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට පසුගිය සඳුදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිනි. ඒ අනුව මෙවර ද හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක් මුදලක් බැගින් නැවත අය කර ගැනීමෙන් තොරව ලබා දීමට තීරණය කර තිබේ.

    2023 වසරේ මහ කන්නය සඳහා ද මේ පරිදි ගොවි ගිණුම්වලට පොහොර මිල දී ගැනීම සඳහා මුල්‍ය ප්‍රතිපාදන යොමු කරනු ලැබීය. ඒ අනුව රජය විසින් ඒ සඳහා රුපියල් මිලියන 11,500ක මුදලක වැය කරනු ලැබීය.

    මෙවර යල කන්නයේ පොහොර අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 130,000කි. එමෙන්ම TSP මෙට්‍රික් ටොන් 33,000ක් හා MOP මෙට්‍රික් ටොන් 39,000කි.

    වී සහ අනෙකුත් බෝග වගාවට අවශ්‍ය මෙම පොහොර සම්බන්ධව සාකච්ඡාවක් ඊයේ (20) පස්වරුවේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

    දැනට රජයට අයත් ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම ද සතුව ඇති පොහොර මෙන්ම පුද්ගලික අංශය සතුව ද අවශ්‍ය තරම් පොහොර තොග ඇති බව රජයට අයත් පොහොර සමාගම් දෙකෙහි සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා සහ ජාතික පොහොර ලේකම් කාර්යාලය සඳහන් කළේය.

    මේ අනුව මෙවර යල කන්නයේ වී වගාවට හා අනෙකුත් බෝග වගාවට අවශ්‍ය සියලුම පොහොර වර්ග හිඟයකින් තොරව සැපයීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම නිලධාරින්ට උපදෙස් දුන්නේය.

    පසුගිය මහ කන්නයේ දී ගොවි ගිණුම්වලට මුදල් ගිණුම්ගත කිරීමේ දී නිසි පරිදි ගොවි තොරතුරු ලැබී නොතිබුනි. එමනිසා මුදල් ගොවි ගිණුම්වලට යොමු කිරීමේ දී යම් ප්‍රමාදයක් එම තොරතුරු ලැබීමේ ප්‍රමාදය මෙන්ම ලබා දී තිබු තොරතුරු නිවැරදි නොවීම නිසා සිදුවිය.

    නමුත් මේ වනවිට සමස්ත ගොවි තොරතුරු පද්ධතිය විදිමත්ව යාවත්කාලීන කර ඇති බැවින් කිසිදු ප්‍රමාදයකින් තොරව මෙම මුදල් ගොවි ගිණුම්වලටම යොමු කිරීමේ හැකියාව ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පැවසීය.

    ඇතැම් කුඹුරු අඳ ක්‍රමයට වගා කරන නිසා කුඹුරු අයිතිකරුවෝ වසරින් වසර කුඹුරු අස්වද්දන අඳ ගොවියන් වෙනස් කරනු ලබයි. රජය විසින් මෙම මුදල් ලබා දෙන්නේ කුඹුරෙහි අයිතිකරුවාට  නොව කුඹුරු අස්වද්දන  ගොවියාට නිසා අඳ ගොවීන් වෙනස් කිරීමේ දී මෙම මුදල් ගිණුම්ගත කිරීමේ දී ගැටළු පැන නැගිය හැකි බවත්, එමනිසා දැනට ක්ෂේත්‍ර නිලධාරින්ගේ සහයෝගය  තොරතුරු සනාථ කිරීම සදහා ලබා ගන්නා බව ද ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya