අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආගමික ස්ථාන සදහා පියැසි පාදක සූර්ය බලශක්ති ව්‍යාපෘති

    මාර්තු 19, 2024

    ඉන්දියානු රාජ්‍ය බැංකුව විසින් ලබාදෙප ඇමරිකානු ඩොලර් මිලියන 1000ක ණය පහසුකම යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 17ක සීමාවකට යටත්ව, අාගමික ස්ථාන වල පියැසි පාදක සූර්ය විදුලිබල පද්ධති ක්‍රියාත්මක කිරීම සදහා 2024-01-08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවිය.

    ඒ අනූව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස සුදුසු ආයතනයක් තෝරා ගැනීම සදහා ලංසු කැදවා ඇති අතර ලංසු 06ක් ලැබී ඇත. තාක්ෂණික ඇගයීම් කමිටුව හා අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය සම්බන්ධයෙන් ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලැබි ඇති නිර්දේශ සැලකිල්ලට ගෙන පියැසි පාදක සූර්ය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ප්‍රසම්පාදනය ඇමරිකානු ඩොලර් මිලියන 17ක කොන්ත්‍රාත් මිලකට M/s Premier Energies Ltd වෙත ප්‍රදානය කිරීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya