අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තවමත් පාසල් පෙළපොත් හෝ නිල ඇදුම් රෙදි නොලැබුණු ‍පාසලක් ඇත්නම් වහාම දැනුම් දෙන්න - අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම්දීමක්

    මාර්තු 19, 2024

    රජයේ සියලු‍ පාසල් සිසුන් වෙත 2024 වර්ෂය‍ට අදාළ ව පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි ලබාදීම පිණිස අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

    ඒ අනුව සියලු‍ පාසල් වෙත බෙදාහැරීම පිණිස පාසල් පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි දිවයිනේ සියලු‍ ම කොට්ඨාස අධ්‍යාපන කාර්යාල ‍වෙත මේ වනවිටත් ලබා දී අවසන් ව ඇත.

    මෙතෙක් පාසල් පෙළ පොත් සහ නිල ඇදුම් රෙදි නොලද කිසියම් පාසලක් වෙතොත් ඒ පිළිබද පහත දුරකථන / ෆැක්ස්/ ඊමේල් මගින් වහාම දැනුම් දෙන මෙන් අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ විදුහල්පතිවරුන් වෙත දන්වා සිටියි.

    පෙළ පොත් සඳහා - දුරකථන අංක - 0112784815/0112785306
    ෆැක්ස් - 0112784815
    විද්‍යුත් ලිපිනය This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    නිල ඇඳුම් රෙදි සඳහා - දුරකථන අංක - 0112785573
    ෆැක්ස් - 0112785573
    විද්‍යුත් ලිපිනය - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya