අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යයන නොවන කාර්ය මණ්ඩලවල වැටුප් ගැන දැනුම් දීමක්

    මාර්තු 18, 2024

    රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යයන නොවන කාර්ය මණ්ඩල සඳහා 2016 දී අධ්‍යයන කාර්ය මණ්ඩලවලට ද සමඟ ම ලබා දුන් 92% හා 107% වැටුප් වැඩිවීම් සමඟ අධ්‍යයන නොවන කාර්ය මණ්ඩලවල වැටුප් විෂමතාවක් නැවතත් ඇති බවට සඳහන් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය හා භාණ්ඩාගාර නිලධාරීන් සමඟ කරන ලද සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස අදාළ කමිටු වාර්තාව නිකුත් කර ඇති අතර එම වාර්තාව සමඟ අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇත.


    මේ සම්බන්ධව භාණ්ඩාගාර නිරීක්ෂණ සමඟ සලකා බලා තවදුරටත් සේවාවන් අතර විෂමතා ඇති වී තිබිය හැකි බැවින් අදාළ ආයතනවල නිරීක්ෂණ ලබා ගැනීමෙන් පසු තීරණයක් ගැනීමට නියමිත ය. මෙය 2016 සිට තිබූ ගැටලුවක් බැවින් ඊට අදාළ තීරණය ලැබීමෙන් පසු අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරි පියවර ගැනීමට නියමිත අතර එතෙක් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya