අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිංහල අලුත් අවුරුදු නැකත ඉතාමත් හොඳ නැකතක් - රාජ්‍ය නැකැත් කමිටුවේ සාමාජික ප්‍රවිණ ජෝතිෂ්‍යවේදි ජේ.එම් ගුණපාල මහතා

    මාර්තු 18, 2024

    සුර්යය සංක්‍රාන්තිය සිදු වන ආකාරය අනුව මේ තරම් ප්‍රශස්ත නැකතක් ගැනීමට නොහැකි බවත්,රටට,ජනතාවට හා රටේ පැවැත්මට යහපත් බවත් රාජ්‍ය නැකැත් කමිටුවේ  සාමාජික කැළණිය විශ්ව විද්‍යාලයේ බාහිර කථීකාචාර්යය ප්‍රවිණ ජෝතිෂ්‍යවේදි ජේ.එම් ගුණපාල මහතා සඳහන් කරයි.ඔහු මේ බව සදහන් කළේ,අද(18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

     මෙහිදි අදහස් දැක් වු දැක් වු කමිටු සාමාජික ප්‍රවිණ ජෝතිෂ්‍යවේදි ඒ.කේ .යු සරචන්ද්‍ර මහතා පවසන්නේ,මෙම නැකැත් වැරදි කියන කණ්ඩායම චෝදනා කරමින් පවසන්නේ රෑ 12 නැකැත් ගන්නේ ඇයි යක්කු ගස් යන  වෙලාව බවයි.එයට පිළිතුරු දෙමින් කියා සිටියේ රැ 12 ට නැකැත් ගත්තේ,මේ වසරේ පමණක් නොව මීට වසර ගණනාවක දි මෙවැනි රාත්‍රි කාලයේ දි අවුරුදු උදාවී ඇති බවත්.එසේම මෙම නැකත ඉතා සුබ බවත්, චෝදනා කරනා කණ්ඩායම ලබා දුන් උදැසන නැකත සුබ නොවන බවත් කිය.එවැනි චෝදනා රාශියක් එල්ල කල ද ඒවා අසත්‍ය බව වැඩිදුරටත් සදහන් කළේය.

     රාජ්‍ය නැකැත් කමිටුවේ සාමාජිකයින් 42 සමන්විත වන අතර ඉන් 05 දෙනෙකු මෙම අවුරුදු උදාවීමේ නැකත උදෑසන යොදා ගැනිමට යෝජනා කර තිබේ.එසේ වුවද එම නැකත යෝග්‍ය නොවන බව එහි බහුතරය පවසා ඇති අතර පසුව මාධ්‍ය හමු තබමින් මේ සම්බන්ධයෙන් තම කමිටුවට චෝදනා කරන බවයි එම කමිටුවේ සෙසු සාමාජිකයින් පවසා සිටිති.එසේම මීට වඩා ප්‍රශස්ත නැකතක් සෑදිමට හැකි නම් එය සැදැ පෙන්වන ලෙස තමන් අභියෝග කරන බව ප්‍රවිණ ජෝතිෂ්‍යවේදි ප්‍රශාන්ත් මලෙවිගේ මහතා අභියෝගයක් ද සිදු කළේය.

    කෙසේ වුවද 2024 අප්‍රේල් මස 13 වන සෙනසුරාදා රාත්‍රි 09.05ට උදාවීමට නියමිත අතර රාජ්‍ය නැකැත් කමිටුවේ විසින් සම්පාදිත නැකැත් චාරිත්‍ර මෙවරත් සිංහල අවුරුදු චාරිත්‍ර සදහා භාවිත කරන ලෙස රාජ්‍ය නැකැත් කමිටු සාමාජිකයින් ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

    මෙම අවස්ථාවට ප්‍රවිණ ජෝතිෂ්‍යවේදිනි ආර්.ඒ ලොලීනි පෙරේරා, ප්‍රවිණ ජෝතිෂ්‍යවේදි ආනන්ද සෙනෙවිරත්න, ප්‍රවිණ ජෝතිෂ්‍යවේදි චමත් කොතලාවල සහභාගි වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya