අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර සිට රඹුක්කන දක්වා ඉදිකිරීම් ප්‍රවාහන අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට

    මාර්තු 18, 2024
    මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන අදියර - පොතුහැර සිට ගලගෙදර දක්වා ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීම් සිදුකෙරෙන පොතුහැර සිට රඹුක්කන දක්වා කොටසේ විශේෂ නිරීක්ෂණයක් සඳහා ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එක් විය.
     
    පොතුහැර ලිහිණිගිරිය ප්‍රදේශයේ පිහිටා ඇති ව්‍යාපෘති කාර්යාලය වෙත පැමිණි අමාත්‍යවරයා, ව්‍යාපෘතිය භාරව කටයුතු කරන නිලධාරීන් සහ ඉදිකිරීම් සමාගම් නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පැවති ව්‍යාපෘතියේ වත්මන් ප්‍රගතිය පිළිබඳ විශේෂ ඉදිරිපත් කිරීමක් සඳහා එක් විය.
    ඉන් අනතුරුව මේ වන විට ඉදිකිරීම් ක්‍රියාත්මක වන පොතුහැර අන්තර් හුවමාරු මධ්‍යස්ථානය, වදකඩ, තුරුවියන- බුලු්ගොල්ල, දොඹේමඩ ඇතුළු ස්ථාන රැසක් අමාත්‍යවරයා ප්‍රමුඛ නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක් විය.
     
     සමස්ත දුර කිලෝමීටර් 32.45ක් වන මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන අදියර අන්තර් හුවමාරු හතරකින් සමන්විත වේ. පොතුහැර පොල්ගහවෙල, රඹුක්කන සහ ගලගෙදර අදාළ අන්තර් හුවමාරු ඉදිකිරීම් සිදුවේ. මෙහි පොතුහැර සිට රඹුක්කන දක්වා කිලෝමීටර් 13.7ක ප්‍රදේශයේ ඉදිකිරීම් සිදුකෙරෙන ආකාරය පිළිබඳව අමත්වවරයාගේ අවධානය යොමුවිය.
    මෙහිදී නිලධාරීන් සහ ඉදිකිරීම්කරුවන් වෙත රට තුළ පවතින වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා රජය විසින් ක්‍රියාත්මක කරන ආර්ථික වැඩ පිළිවෙල යටතේ මීට පෙර සිදුකල ආකාරයට අසීමිතව ණය ලබා ගැනීම සිදුකළ නොහැකි බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළැඹ ඇති ගිවිසුම් එකඟතාවන් වලට අනුකූලව කටයුතු කරමින් මෙම ඉදිකිරීම් කටයුතු  ඇතුළු රට තුළ සිදුකෙරෙන සියලූම කටයුතු සිදු කිරීමට සිදුවන බවත් පෙන්වා දුන්නේය. කිසිදු විදේශ ණය මුදලක් ලබාගැනීමට නොහැකි පරිදි රට පත්ව තිබූ තත්ත්වයෙන් මුදවා ගනිමින් මේ වන විට ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල යටතේ මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන ණය වාරිකය ලබා ගැනීම සඳහා පවතින සාකච්ඡාද අවසන් අදියරට පැමිණ තිබෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.ඒ අනුව රජය මගින් ක්‍රියාත්මක කරන කිසිදු ව්‍යාපෘතියකට ගෙවීම් සිදු කිරීම මාස තුනකට වඩා ප්‍රමාද කිරීමට අවස්ථාවක් නොලැබෙන බවත් විශාල අභියෝග රාශියක් මාධ්‍යයේ මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ඉදිකිරීම් කරුවන් වෙත ගෙවීම් සිදු කිරීම ප්‍රමාදව පැවති  විශාල මුදලක් ගෙවීමට විෂය භාර අමාත්‍යවරයා ලෙස තමන් කටයුතු කළ බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. ඒ අනුව වෙන්කර ඇති ප්‍රතිපාදන වලට අනුව මෙම මාර්ග කොටසේ ඉදිකිරීම් සඳහා වන ගෙවීම් ද සිදු කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බවත්, ඒ අනුව සැලසුම් කර ඇති ඉලක්කයන්ට අනුව එහි ඉදිකිරීම් අවසන් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට සහයෝගය ලබා දෙන ලෙසත් අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.
     
     2022 වසරට පෙර රුපියල් බිලියන 29කට ආසන්න මුදලකින් මෙම කොටසේ ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම් කර තිබුණත් ඉන් අනතුරුව රට මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ ඩොලරයේ අගය ඉහළ යෑමත් සමග රුපියල් බිලියන 52කට‍ අධික මුදලක් ඒ සඳහා වැය වනු ඇති බව ඇති බව නිලධාරීන් පෙන්වා දුන්නේය.
    පොතුහැර සිට රඹුක්කන දක්වා මෙම අදියර සඳහා කොන්ත්‍රාත් පැකේජ 17ක්‌ යටතේ දේශීය ඉදිකිරීම් සමාගම් මේ වන විටත් ඉදිකිරීම් කටයුතුවල නිරත වේ. ඒ අනුව එහි මූලික අදියරේ ඉදිකිරීම් 2025 වසර වන විට අවසන් කිරීමටත්, 2026 වසරේ ජූලි මාසය වන විට සම්පූර්ණයෙන් ඉදිකිරීම් අවසන් කර මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට හැකිවන ආකාරයට ව්‍යාපෘතියක් අවසන් කිරීම සැලසුමයි. එලෙස ඉදිකිරීම් අවසන් කිරීමෙන් පසු මීරිගම සිට රඹුක්කන දක්වා  මධ්‍යම අධිවේගී මාර්ගය භාවිතා කරමින් ගමනාගමන පහසුකම් සලසා ගැනීමට ජනතාවට හැකියාව ලැබෙනු ඇත.
     
     මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත සූරිය බණ්ඩාර මහතා, ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ H H. N අනුරාධ හෙට්ටිආරච්චි මහතා, ඉදිකිරීම් භාරව කටයුතු කරන දේශීය ඉදිකිරීම් සමාගම් වල නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම නිරීක්ෂණය සඳහා එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya