අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර 04 කට පසු තායි ගුවන්සේවය යලි පැමිණීම දෙරටේ මිත්‍රත්වය යලි තහවුරු වීමක්- ගුවන්සේවා ඇමති

    මාර්තු 17, 2024

    පසුගිය කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් තායිලන්තය සහ ශ්‍රි ලංකාව අතර දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක වු තායි එයාර් වේස් ගුවන් සේවාව නතර කිරීමට සිදු විය. නමුත් ඉන් වසර 04 කට පසු යලිත් මෙම ගුවන් සේවාව ආරම්භ කිරීමට රාජකීය තායි එයාර් වේස් ගුවන් සමාගම තීරණය කිරීමෙන් අනතුරුව පලමු ගුවන් යානය ලබන අප්‍රේල් මස 01 වන දින තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායකට පැමිණීමට නියමිතව ඇත.

    මෙම කරුණු හෙලි වූයේ තායි ගුවන් සේවාව නැවත ආරම්භ කිරීම නිමිත්තෙන් පසුගිය 16 වන  දින කොලඹ හිල්ටන් හෝටලයේ පැවති උත්සවයකදීය.

    මෙම ගුවන් මෙහෙයුම් වැඩපිලිවෙල යටතේ සෑම දිනකම තායි ගුවන් යානයක්  බැංකොක් නුවර සිට කටුනායක ගුවන් තොටුපලට පැමිණ එදිනම කටුනායක සිට බැංකොක් නුවර බලා පියාසර කරනු ඇත.

    වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා තායි රජය සහ තායි ගුවන් සේවය සමඟ නිරතුරුව කරන ලද සාකච්චාවන්හි ප්‍රතිඵලයක් ලෙස මෙම ගුවන් සේවාව නැවත ආරම්භ වූ බව තායි- ගුවන් සේවයේ ශ්‍රි ලංකා නියෝජිත මාස් හෝල්ඩින් සමාගමේ කලමණාකාර අධ්‍යක්‍ෂ ඇන්ඩෘ ප්‍රනාන්දු මහතා අවධාරණය කරයි.

    අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී  අමාත්‍යවරයා කරුණු දක්වමින් කියා සිටියේ : නැවතී තිබු තායි ගුවන් සේවාව නැවත මේ සුන්දර දිවයිනට පැමීණීම ගෞරවයෙන් පිලිගනු ලබන අතර එය ඉතාමත් සතුටට කරුණක් බවයි.

    තායිලන්තය සහ ශ්‍රි ලංකාව ඈත අතීතයේ සිට ඉතාමත් මිත්‍ර රටවල් 02 ක් වන අතර බොහෝ කරුණු මත සමාන රටවල් 02 ක් වන බව පැවසු අමාත්‍යවරයා බුද්ධාගම, සංස්කෘතිය, වෙලඳ කටයුතු සහ කෘෂිකාර්මාන්තය මේ අතර ප්‍රධාන තැනක් ගන්නා බව පැවසීය.

    එමෙන්ම රටවල් 02 හි ජනතාවගේ අන්තර් සම්බන්ධතාවයන් ඉතාමත් ඉහල බැවින් ශ්‍රි ලංකිකයන් තායිලන්තයේ සංචාරය කිරීමට කැමති අතර තායි ජාතිකයින් ශ්‍රි ලංකාවේ සංචාරය  කිරීමට  කැමති බවද පැවසීය.

    මෙම තායි ගුවන් සේවාව කොව්ඩ් වසංගතයට පෙර  ඉතාමත් ඉහල මට්ටමේ සේවාවක් ඉටු කල බවත් කොවිඩ් වසංගතයත් සමඟ මුළු ගුවන් සේවා කර්මාන්තයම කඩා වැටීමකට ලක් වූ බව අමාත්‍යවරයා පැවසීය.

    එමෙන්ම පසුගිය කාල පරිච්ඡේදය තුල ශ්‍රි ලංකාවේ කඩා වැටුනු ආර්ථිකය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නැවත ගොඩනැංවීමත් සමඟ  තායි ගුවන් සේවාව යලි ශ්‍රි ලංකාවට පැමිණීම විෂය භාර අමාත්‍යවරයා ලෙස තමා ඉතාමත් සතුටට පත් වන බව නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

    මෙම අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි, ශ්‍රි ලංකාවේ තායිලන්ත තානාපති පයිතූන් මහපනපෝන් (Paitoon   Mahapannaporn) සහ තායි ගුවන් සේවයේ සහ ඉහල කලමණාකාරීත්වයේ නියෝජිතයින් පිරිසක් ද  සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya