අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‘සතරාව දීපනී’ උපහාර සහ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උළෙල අගමැති ප්‍රධානත්වයෙන්

    මාර්තු 17, 2024

    ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනයන් නිර්මාණය කළ ප්‍රඥාබන්දු ශිෂ්‍යත්ව අරමුදලෙන් අ.පො.ස.(උ.පෙ.) සිසු සිසුවියන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය හා සිය කලා කෞශල්‍යයෙන් මෙරට සිනමාව එකලු කළ සිනමාවේදීන්ට උපහාර පිදීමේ ‘සතරාව දීපනී’ කෘතගුණ දැක්වීමේ උළෙල ඊයේ (16දා) සවස කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත් විණි.

     පාසල් සිසු සිසුවියන්ට පිරිනමන ප්‍රඥාබන්දු ශිෂ්‍යත්වය උසස් පෙළ හදාරන කාලය තුළ මූල්‍ය ප්‍රතිලාභයක් ලෙස මාසිකව ඔවුන්ට හිමි වෙයි. ප්‍රඥාබන්දු ශිෂ්‍යත්ව අරමුදල මඟින් සෑම වසරක් පාසා මෙම ශිෂ්‍යත්වය පාසල් ශිෂ්‍ය ප්‍රජාව වෙත පිරි නැමේ.

    සිය කලා කෞශල්‍යයෙන් මෙරට සිනමාව එකලු කළ මාලනී ෆොන්සේක්, රවීන්ද්‍ර රන්දෙනිය, ස්වර්ණා මල්ලවආරච්චි , අනෝජා වීරසිංහ කලා ශිල්පීන්ට මෙහිදී  උපහාර තිළිණ පිළිගැන්විණී.

    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලක්ඥයින්, කලාකරුවන්, විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්, පුවත් පත් කර්තෘවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya