මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපොස උසස් පෙළ විභාගය  එළඹෙන ජනවාරි 04 සිට ජනවාරි 31 දින දක්වා

    ඔක්තෝබර් 05, 2023

    අපොස උසස් පෙළ විභාගය  එළඹෙන ජනවාරි 04 සිට ජනවාරි 31 දින දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද(5) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ, මේ පිළිබඳ නිල නිවේදනය ඊයේ රාත්‍රීයේ විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ බවයි.

    මෙම විභාගය සඳහා මෙතෙක් අයදුම්කිරීමට නොහැකි වූ අයදුම්කරුවන් සඳහා 2023.10.06 සිට 2023.010.10 දක්වා තවත් දින 03ක් ලබා දෙන බවද අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය. එම අයදුම්කරුවන්ට www.doenets.lk වෙබ් අඩවියට පිවිස මාර්ග ගත ක්‍රමය ඔස්සේ විභාගයට අයදුම් කළ හැක.උසස් පෙළ විභාගයට අදාළ වාර සටහන ඉදිරි දින කිහිපය තුළදී ලබා දෙන  බවද හෙතෙම පැවසීය.

    මෙම වසරේ දෙසැම්බර් පාසල් නිවාඩුව දෙසැම්බර් 22 දින ආරම්භ වන බවද අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය. ප්‍රාථමික ශ්‍රේණි ආරම්භය ජනවාරි 02 සිදු කරන බවත් විභාගය අවසන් වූ පසුව අනෙකුත් ශ්‍රේණි ආරම්භ කරන බවද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya