මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වන සතුන් නිසා වසරකට රුපියල් බිලියන 20කට ආසන්න වගා හානියක්- කෘෂි ඇමති

    ඔක්තෝබර් 05, 2023

     

    වන සතුන් නිසා වසරකට රුපියල් බිලියන 20කට ආසන්න ප්‍රමාණයක් දළ වශයෙන් අස්වැන්න හානි වෙන බවත් මේ සම්බන්ධයෙන් රජය දිගින් දිගටම කටයුතු කරන බව කෘෂිකර්ම හා වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (05) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා රිළවුන් නිසා සිදුවන වගාහානි සම්බන්ධයෙන් යොමු කල වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

     

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,

    චීන සමාගමක් මෙරටින් රිළවුන් ලක්ෂයක් ගෙන යාමට යෝජනාවක් ඉදිරිපත් කළා. මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පැවැත් වුවා. තානාපති කාර්යාල හරහා නිල වශයෙන් ඉල්ලීම සිදු කරන්නැයි

    අපි ඔවුන්ගෙන් ඉල්ලීමක් කළා. මේ සිද්ධියට මාධ්‍ය මගින් විශාල ප්‍රසිද්ධියක් ලැබුණා. චීනයට අපහාස කළ නිසා චීන තානාපති කාර්යාලය මේ සම්බන්ධයෙන් නිල නිවේදයක් නිකුත් කළා. තානාපති කාර්යාලය හරහා මෙවැනි ඉල්ලීමක් සිදු කර නැහැ කියා.

    ඇතැම් පරිසර සංවිධාන අධිකරණය දක්වා ගියා.තවත් රටවල් කිහිපයක්ම මේ සම්බන්ධයෙන් විමසීම් කර තිබෙනවා. අපි කිව්වා තානාපති කාර්යාල හරහාම මෙම ඉල්ලීම් කරන්න කියලා. ගොවීන් ට පමණක් නෙමෙයි සාමාන්‍ය ජනතාවටත්

    මෙම පාඩුව සිදු වී තිබෙනවා.රිළවුන් නිසා වසරකට රුපියල් මිලියන 200ක පමණ පොල් අස්වැන්නක් විනාශ වෙනවා. මෙයට ජනතාව විරුද්ධ නැහැ. නමුත් ඇතැම් පරිසර සංවිධාන මීට විරුද්ධ වෙනවා.මේ සඳහා ජාත්‍යන්තරයෙන් පවා උපදෙස් ලබා ගත්තා. පරිසර සංවිධාන මුණ ගැසී ඔවුන්ගෙන්

    පවා යෝජනා ඉල්ලුවා. නමුත් ඔවුන්ගෙන් සාර්ථක යෝජනා ඉදිරිපත් වුණේ නැහැ. ප්‍රාෙයා්ගික කිසිම යෝජනාවක් ඉදිරිපත් වුණේ නැහැ. මෙම සතුන්ගෙන් වන හානියවැළැක්වුවහොත් අපිට ප්‍රමාණවත් තරම් ආහාර මෙම රටේ තිබෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya