මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බහරේන් හි ඒකාබද්ධ සමුද්‍රීය බළකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරි සහ නාවික හමුදාධිපති අතර නිල හමුවක්

    ඔක්තෝබර් 05, 2023

    ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවන බහරේන් හි පිහිටි ඒකාබද්ධ සමුද්‍රීය බළකායේ (The Combined Maritime Forces – CMF) නියෝජ්‍ය අණදෙන නිලධාරී කොමදෝරු පිලිප් එඩ්වර්ඩ් ඩෙනිස් මහතා (Commodore Philip Edward Dennis - Royal Navy) (2023 ඔක්තෝබර් 02) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා හමුවිය.

    නාවික හමුදාධිපති විසින් ඒකාබද්ධ සමුද්‍රීය බළකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරී නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමෙන් අනතුරුව, ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර සුහද පිළිසඳරක් පැවැත්විණි. තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

    එමෙන්ම, ඒකාබද්ධ සමුද්‍රීය බළකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරි සමඟ නාවික හමුදාධිපති ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී පැවති සාකච්ඡාව සඳහා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක මහතා, නාවික හමුදාධිපතිගේ නාවික සහයක හා නාවික හමුදා ජලමාණක ප්‍රධානී, කොමදෝරු කෝසල වර්ණකුලසූරිය මහතා , ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, කර්නල් ඩැරන් වුඩ්ස් මහතා (Colonel Darren Woods) ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya