මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ඩිජිටල්කරණයේ ප්‍රමාදයට වන්දි ගෙවීමට සිදුව ඇත්තේ, ජනතාවටයි - අගමැති දිනේෂ් ගුණවර්ධන

    ඔක්තෝබර් 05, 2023

     

    රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ඩිජිටල්කරණයේ ප්‍රමාදයට වන්දි ගෙවීමට සිදුව ඇත්තේ, ජනතාවටයි - අගමැති දිනේෂ් ගුණවර්ධන

    විවිධ නිලධාරීන්ගේ විවිධ ක්‍රියාමාර්ග නිසා රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ඩිජිටල්කරණයේ මතුව ඇති ප්‍රමාදයට වන්දි ගෙවීමට සිදුව තිබෙන්නේ ජනතාවට බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

    වටිනාම ගනුදෙනු, ඔප්පු තිරප්පු සුරක්ෂිත කිරීම හා ඒවා පිළිබඳව තොරතුරු ඉක්මණින් ලබාගැනීම සඳහා වූ කාරණාව මතු වී ඇති නිසා, ඊ ලෑන්ඩ් ව්‍යාපෘතිය කලින් ආරම්භ කළ සමාගම සතු තොරතුරු, ව්‍යාපෘතිය භාර දී ඇති නව සමාගමට ලබාගත හැකිද ආදී කරුණු සම්බන්ධයෙන්, නීතිවේදීන් ගණනාවකගේ අතිරේක උපදෙස් ලබාගනිමින් සිටින බවද ඔහු කියා සිටියේය. ව්‍යාපාර කටයුතු පමාවීම වැළක්වීම සඳහා, අදාළ ඉඩමේ බලපත්‍ර කඩිනමින් ලබාගැනීමට අදාළව " ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යනය කිරීමටත්, ඒ පිළිබඳ සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව” වෙතද සාකච්ඡා අවස්ථාවක් ලබාදෙන බවද ඔහු ප්‍රකාශ කළේය. එමෙන්ම රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව සඳහා සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීමට ප්‍රමුඛතාව ලබාදිය යුතු බව තමන් පිළිගන්නා බවත් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

     

     

    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස මෙම අදහස් පළ කළේ, පා.ම. මධුර විතානගේ මහතා රෙජිස්ටර් ජෙනරාල් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන්, පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් 04 දින මතු කළ ප්‍රශ්නයකට සහ අතුරු ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

     

    ....................

    රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයාගෙන් මධුර විතානගේ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී විමසූ ප්‍රශ්නයකට, විෂය භාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ලබාදුන් පිළිතුර පහත දැක්වේ

    ..................

    (අ)

    (1) වර්ෂ 2015 සිට 2019 දක්වා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ යම් අක්‍රමිකතාවයක්, අයථා පත්වීමක්, දුෂණ ක්‍රියාවක් හෝ නීති විරෝධි ක්‍රියාවක් සිදු වී තිබේද?

     

    2015 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ යම් අක්‍රමිකතාවයක් අයථා පත්වීමක්, දූෂණ ක්‍රියාවක් හෝ නීති විරෝධී ක්‍රියාවක් සිදු වූ බවට වාර්තා වී නොමැති අතර 2019 වර්ෂයේ සිදු වූ නීතිවිරෝධී ක්‍රියා දෙකක් හා අක්‍රමිකතාවයක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇත.

    (ii) එසේ නම්, ඒවා වෙන් වෙන් වශයෙන් කවරේද ?

     

    "1. නීති විරෝධී ක්‍රියා:

    - මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර් අවසරයකින් තොරව කාර්යාල වේලාවේදී කාර්යාල පිටතට ගොස් විවාහයක් ලියාපදිංචි කිරීම.

    - මාතර දිස්ත්‍රික්කයේ වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් උප්පැන්න, විවාහ, මරණ සහතික නිකුත් කිරීමේ දී සිදුකරනු ලබන අකටයුතුකම්.

     

    2. අක්‍රමිකතා:

    හොරණ ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයේ විවාහ උප්පැන්න, මරණ පරිවර්තන කටයුතු විධිමත් පරිදි සිදු නොකිරීම."

    (iii) ඉහත සඳහන් එක් එක් කරුණ හේතුවෙන් රජයට අහිමි වී ඇති මූල්‍ය, දේපල හා මානව සම්පත්වල වටිනාකම වෙන් වෙන් වශයෙන් කොපමණද; යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

    "ඔව්. නීති විරෝධී ක්‍රියා මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර් අවසරයකින් තොරව කාර්යාල වේලාවේදී කාර්යාලයෙන් පිටතට ගොස් විවාහයකදී ලියාපදිංචි කිරීම. 750ක දඩයට ලක්වෙනවා."

    (ආ)

    (i) ඉහත (අ) (i) හි සඳහන් ක්‍රියා සඳහා වගකිව යුතු නිලධාරින් හඳුනාගැනීමට විමර්ශන සිදු කර තිබේද ?

    "ඔව්"

    (ii) වගකිව යුතු නිලධාරින් හඳුනාගෙන ඇත්නම්, ඔවුන්ට එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද ?

    "මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර් අවසරයකින් තොරව කාර්යාලය වේලාවේදී කාර්යාලයෙන් පිටත ගොස් විවාහයක් ලියාපදිංචි කිරීම. වගකිවයුතු නිලධාරියාගේ 2018 වර්ෂයේ වැටුප් වර්ධක විලම්භනය කිරීම රජයට අය කර ගත යුතු 750 අය කිරීම සහ නිලධාරියා ස්ථාන මාරු කිරිම"

     

    (iii) ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගෙන නොමැති නම්, ඊට හේතු කවරේද ?

    "විමර්ශන කටයුතු අවසන් නොවූ සිද්ධීන් සඳහා මේ වන තෙක් වගකිවයුතු නිලධාරීන් හඳුනාගෙන නොමැතිවීම"

    (iv) ඉදිරියේදී ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගනු ලබන්නේද ?

    "ඔව්. මූලික විමර්ශන හා විධිමත් විනය පරීක්ෂණවල නිර්දේශ අනුව ආයතන සංග්‍රහ 2 කාණ්ඩයේ විධිවිධාන පරිදි ඉදිරි විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ලැබේ."

    (v) ඉදිරියේදී සිදු විය හැකි මෙවැනි ක්‍රියා වැළැක්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද; යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

    "දෙපාර්තමේන්තුව වෙත 2019 වර්ෂයේ සිට 2023 වෙනි වර්ෂය දක්වා ලැබී ඇති පැමිණිලි හා 465 සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කර ඇත. මේ වන විට මූලික විමර්ශන හැට දෙකක් හා විනය කටයුතු 23ක් සිදුකරමින් පවතින අතර විනය කටයුතු 7ත් අවසන් කර ඇත. 2022 වර්ෂයේ දෙපාර්තමේන්තුවේ විමර්ශන ඒකකයක් ස්ථාපනය කර ඇති අතර මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් මෙම ඒකකය මඟින් වර්තමානයේ දී කටයුතු කරයි."

    (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

    ........................

    මධුර විතානගේ මන්ත්‍රීවරයාගේ පළමු අතුරු ප්‍රශ්නය 1 -

    ගරු අගමැතිතුමනි විශේෂයෙන්ම මේ රෙජිස්ටාර් ජනරාල් කාර්යාලයේ මේ වැඩ කටයුතු සම්බන්ධයෙන් මම නියෝජනය කරන ව්‍යාපාර පහසුකම් කිරීමේ කමිටුවට අදාළව යම් යම් කාරණා කීපයක් මතුවෙලා තිබෙනවා. විශේෂයෙන්ම මේ ඉඩම් අයිතිය පිළිබඳ බලපත්‍ර සම්බන්ධ කාරණාව. පළවෙනි අතුරු ප්‍රශ්නයක් විදියට ඔබතුමාගේ මම අහනවා දැනට රෙජිස්ටාර් ජනරාල් කාර්යාලය සඳහා සේවා ව්‍යවස්ථාවක් නැහැ. මොකද බදවාගැනීමේ පටිපාටියක් නැති වීම තුළ පරිපාලන සේවයේ නිලධාරීන් සහ රෙජිස්ට්‍රාර් සේවයේ නිලධාරින් අතර යම්කිසි ගැටුමක් තියෙනවා. කොළඹ දිස්ත්‍රික්කය තුළ විශේෂයෙන් මම අදාළ කාර්යාලවල වැඩකටයුතු සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමේදී එහෙම ගැටලුවක් තියෙනවා. ඒක නිසා මම ඔබතුමාගෙන් අහන්න කැමතියි සේවා ව්‍යවස්ථාවක් හදලා තියෙනවද? එහෙම නැත්නම් බඳවා ගැනීටම් පටිපාටියක් හදලා තියෙනවද යම්කිසි ක්‍රමේකට?

     

    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊට මෙසේ පිළිතුරු දුන්නා

     

    "සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා මූලික කටයුතු ආරම්භ කරලා තිබුණා. නමුත් එය ක්‍රියාත්මක කර ගැනීම සඳහා තාම පියවරවල් ගෙන නැහැ. නමුත් එහි අවශ්‍යතාව රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව හැටියට ප්‍රමුඛතාවයට පත් කළ යුතු යන්න ඔබතුමා සඳහන් කරන එක මා පිළිගන්නවා."

     

    අතුරු ප්‍රශ්නය 2 -

    ගරු අගමැතිතුමනි විශේෂයෙන් මේ කාරණාව කඩිනමින් ඉෂ්ට කරන්න කියලා මා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය අගමැතිතුමනි, මට මතක විදියට 2010 වර්ෂයේ දී තමයි මේ ඊ ලෑන්ඩ් ව්‍යාපෘතිය පටන් ගත්තේ. ඒ ඊ ලෑන්ඩ් ව්‍යාපෘති යටතේ, ඔප්පු සියල්ල, ඒවගේ පත්තිරු සියල්ල ටයිප් කරලා ඔන්ලයින් ක්‍රමයට ඉතා පහසුවෙන් ජනතාවට තොරතුරු ලබාගන්න පද්ධතියක් නිර්මාණය කරන්න තමයි ඒ ඊ ලෑන්ඩ් ව්‍යාපෘතිය පටන් ගත්තෙ. මොකද අද වෙනකොට අපි ව්‍යාපාර පහසුකම් කිරීමේ දර්ශකය ජාත්‍යන්තර දර්ශකය 99 වෙනි ස්ථානයේ. විශේෂයෙන්ම ඉඩම් අයිතිය පිළිබඳව බලපත්‍ර ලබාගැනීම කියන කාරණය ඉතාම දුර්වල මට්ටමක තියෙන්නේ. දේශීය සහ විදේශීය ආයෝජකයෝ ඒ වගේම විවිධ සංවර්ධන වැඩසටහන් කිරීමේදී මෙම තමන්ගේ අදාළ සංවර්ධනය කරන ඉඩමේ බලපත්‍රයට අදාළ තොරතුරු ලියකියවිලි ක්ෂණිකව ලබා ගැනීමට ක්‍රමවේදයක් දැනට නෑ. නමුත් TWC කියලා සමාගමකට ඒ පහුගිය කාලයේ රජයේ විශාල මුදලක් වියදම් කරලා මේ ව්‍යාපෘතියක් භාර දීල තිබුනා. ඒ වගේම ඒ සමාගම විශාල මුදලක් අය කරගෙන ඒ තොරතුරු ස්කෑන් කරලා දත්ත පද්ධතියක් සකස් කරලා තිබුණා. ඒ වගේම විවිධ රෙජිස්ටර් ජනරාල් කාර්යාලවල තිබෙන ඒ ඔප්පු ඒ වගේම පත්තිරු අදාළ සියලු ලියකියවිලි ඒ දත්ත ගබඩාවට ඇතුළු කරලා තිබුණා.

    නමුත් පසුගිය කාලයේ එම සමාගම මේ වැඩකටයුතු අතැරලා දාන්න මම හිතන්නේ දූෂිත ගනුදෙනුව කරලා කියලා තමයි මට දැනගන්න ලැබුණේ. ඒ ක්‍රමවේදය අතහැරලා දාලා දැන් නැවත වතාවක් ගරු අගමැතිතුමනි, ඉනෝවා කියලා සමාගමකට මේ දත්ත පද්ධතියේ නැවතත් සකස් කරන ලබාදිලා තියෙනවා. ඒ සමාගම නැවතත් ඒ තොරතුරු ස්කෑන් කරගෙන ඒ වගේම තොරතුරු නැවත වතාවක් මුල සිටම ඒ ක්‍රියාපටිපාටිය ආරම්භ කරල තියෙනවා.

    ඉතින් මම හිතන්නේ ගරු අගමැතිතුමනි මේක කාලය නාස්ති කිරීමක්. එකක් අනිත් එක තමයි මේ විදියට රාජ්‍ය අරමුදල් පොදු දේපළ අරමුදල් නාස්ති කිරිම ඉතාමත්ම කනගාටුවට කරුණක් . ඒ වගේම මේ වන විට නාගරිකව විශාල තදබදයක් තියනවා. ඒ වගේම විශාල මහල් නිවාස ඒ වගේම ඉතා සංකීර්ණ විදියට ඉදිකිරීම් කටයුතු කරනවා. ජනතාවට තමන්ගේ තොරතුරු කඩිනමින් ලබා ගැනීමට මේ දත්ත පද්ධති ඉතාමත්ම වැදගත්. ඉතින් මම ඔබතුමාගෙන් අහන්න කැමති මෙන්න මේ මුලින්ම සමාගමකට දීලා ඒ සමාගම අතරමඟ මේක අතහැරලා ගිහිල්ලා එකේ විශාල රාජ්‍ය මුදලක් අවභාවිතා කරලා තියෙනවා. ඒ වගේම නැවත වතාවක් අලුත් සමාගමකට මේ දත්ත පද්ධතිය නැවත සකස් කරන්න අනුමැතිය ලබා දීලා එක කරගෙන යනවා. මෙන්න මේ දූෂිත ක්‍රියාවලියට සම්බන්ධ නිලධාරීන් සම්බන්ධයෙන් ගත්ත ක්‍රියාමාර්ගය මොනවාද? ඒ වගේම මේ ඊලෑන් ව්‍යාපෘතිය කඩිනමින් සකස් කරන්න දින වකවානු සකස් කරලා තියෙනවද? ඒ වගේම කලින් සමාගම විසින් එකතු කරපු දත්ත පද්ධතිය මේ සමාගමට ලබා ගන්න නොහැකියාවක් තිබෙනවා ද කියන එක?

     

    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊට මෙසේ පිළිතුරු ලබා දුන්නා.

    "මන්ත්‍රීතුමා ප්‍රශ්න තුනක් නැගුවා. ඒ ප්‍රශ්න තුනෙන් පළවෙනි කාරණාව, කලින් ඩිජිටල්කරණයේ පළවෙනි අවස්ථාව සඳහා සකස් කරන ලද ගිවිසුම අනුව ඒ සමාගම කටයුතු කර තිබුණු අතර නමුත් එය අවලංගු කිරීමට අක්‍රමිකතාවයන් රාශියක් නිසා සිදුවී, ඉන් අනතුරුව ඒ පිළිබඳව කටයුතු කිරීම සඳහා වූ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාවයන්ට මතු වුනා. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශ දෙක එකක් බවට පත් වුණේ ගිය වසරේ. ඊට ඉස්සෙල්ලා ඒක දෙකක් හැටියට කටයුතු කරමින් තිබුණා. එම අවස්ථාවේ ඩිජිටල්කරණය සඳහා ගත්තාවූ තවත් උත්සාහයන් ප්‍රමාද වෙලා තියෙනවා. මම අමාත්‍යවරයා හැටියට කියන්න කැමතියි, විවිධ නිලධාරීන්ගේ විවිධ ක්‍රියාමාර්ග නිසා මේ ප්‍රමාදයට වන්දි ගෙවන්න වෙලා තියෙන්නෙ ජනතාවට. වන්දි ගෙවන ක්‍රියාවලිය කේන්ද්‍ර ස්ථානයකට රෙජිස්ටාර් ජෙනරල් කාර්යාල හා සම්බන්ධ රට පුරා තිබෙන කාර්යාල පත්වීමට කටයුතු කිරීමෙන් මහජනතාවගේ, ඔබතුමා කිව්ව කතාව ඇත්ත, වටිනාම ගනුදෙනු, ඔප්පු තිරප්පු සුරක්ෂිත කිරීම හා ඒවා පිළිබඳව තොරතුරු ඉක්මනින් ලබාගැනීම සඳහා වූ කාරණාව මතු වී දැනටමත් අපි නීතිවේදීන් ගණනාවකගේ අතිරේක උපදෙස් පිළිබඳ රාජ්‍ය ඇමැතිතුමා ලබා ගනිමින් සිටිනවා. ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් තිබෙන ව්‍යාපාර කටයුතු ඉක්මන් කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ද මේ පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඇති කරලා මෙහි තිබෙන ක්‍රියාමාර්ගයන් හා එයින් ඇති කර දිය හැකි සහනයන් මහජනයාට ඒ වගේම නව තාක්ෂණය ප්‍රයෝජනයට ගැනීම සඳහා වූ ක්‍රියාදාමයට එක්කර ගැනීමට එක්කරගැනීමට අපි සාකච්ඡාවක් පාර්ලිමේන්තුවට ඔබතුමාගේ නායකත්වයෙන් තිබෙන කමිටුවටද ලබා දීම කරනවා."

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya