මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය අංශයේ පුරප්පාඩු පිරවීමට මේ වන විට කටයුතු කරමින් සිටිනවා- සෞඛ්‍ය අමාත්‍ය

    ඔක්තෝබර් 04, 2023

    පසුගිය මාස නවයේ දී රජයේ රෝහල්වල බාහිර රෝගී අංශයට පැමිණෙන රෝගීන් ප්‍රමාණය 40%කින් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (04) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    අමාත්‍යංශ නිවේදන යටතේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ, දිවයින පුරා රෝහල් සඳහා ඇතුළත් වීම් 27% කින් ඉහළ ගොස් ඇති බවයි. පෞද්ගලික රෝහල් වලට යන මැද පන්තියේ පිරිසද රජයේ රෝහල් වලට යොමු වීම මීට හේතු වන්නට ඇතැයි අමාත්‍යවරයා කීය.

    මෙම තත්ත්වය හමුවේ රෝහල් වලින් ලැබෙන සේවාව එළෙසම පවත්වා ගෙන යාමට නම් බෙහෙත් ඇතුළු සියළු සේවාවවන් 30%කින් පමණ වැඩි විය යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    වෛද්‍යවරු පමණක් නොව අද වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තුළ හෙද හෙදියන්, වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥයින් (Medical Laboratory Technologist), ඖෂධවේදීන්(Pharmacists), ඖෂධ විශ්ලේෂකවරු (Pharmaceutical Analysts) ඇතුළු බොහෝ සෞඛ්‍ය වෘත්තිකයින් ප්‍රමාණවත් පරිදි නොසිටීම සම්බන්ධයෙන් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම පුරප්පාඩු පිරවීමට මේ වන විටත් කටයුතු කරමින් සිටින බව පැවසීය.

    පුහුණුව නිම කළ ඩිප්ලෝමාධාරීන් 2937 දෙනෙකුට පත්වීම් ලබා දීමටත්, අනුපස්ථාන සමායෝජන පාඨමාලාවට 825 දෙනෙකු පුහුණුව සඳහා බඳවා ගැනීමටත්, හෙද අතුරු වෛද්‍ය හා තාක්ෂණ සේවාවන් වල 4788 දෙනෙකු අභ්‍යාසලාභීන් ලෙස බඳවා ගැනීමටත්, අනෙකුත් සේවා ගණයන්ට අදාළ කාර්ය මණ්ඩල වල 3 778 දෙනෙකුටත් පත්වීම් ලබා දීමට අවශ්‍ය අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයිද හෙතෙම කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya