මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරි වසර දෙක තුළදී සූර්ය බලයෙන් මෙගා වොට් 3000ක්

    ඔක්තෝබර් 04, 2023

     

    ඉදිරි වසර දෙක තුළදී සූර්ය බලයෙන් මෙගා වොට් 3000ක් සහ සුළං බලයෙන් මෙගා වොට් 1000ක විදුලිය නිපදවීම රජයේ ඉලක්කය බවත් එවිට 70%ක පුනර්ජනනීය විදුලි බල සැපයීමේ ඉල්කයට යා හැකිවනු ඇතැයි විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන ජයසේකර මහතා අද (4) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    විදුලි බිල අඩු කිරීමට සහ විදුලි බලය නිපදවීමට යන වියදම අඩු කිරීමට මේ ඔස්සේ හැකියාව ලැබෙනු ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

    රටට අවශ්‍ය විදුලි බල නිෂ්පාදනය කිරීමේ නිසි ක්‍රමවේදයක් නොමැති වීම නිසා හදිසි විදුලිය මිලදී ගැනීම් සිදු කිරීමට විදුලි බල මණ්ඩලයට සිදු වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතායොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බලශක්ති අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     

    ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය සහ විදුලි බල අමාත්‍යංශය එක්ව සූර්ය බලයෙන් සහ සුළං බලයෙන් මෙගා වොට් 4000ක් නිපදවීමේ ව්‍යාපෘතියක් පිළිබඳව රජය අවධානය යොමු කර ඇති බවත් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරි සති දෙක තුළ කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ,

    කොළඹ ඇතුළු විවිධ දිස්ත්‍රික්ක වලට වර්ෂාපතනය ලැබුණුත් ජල විදුලිබලාගාර තිබෙන ප්‍රදේශවලට අවශ්‍ය වර්තාපතනය නොලැබෙන බැවින් විදුලිය නිපදවීම සඳහා එම වර්ෂාපතනය ප්‍රමාණවත් වන්නේ නැති බවයි.

     

    අද රටේ විදුලිබලය ගැන බරපතල ගැටලුවක් මතු වී තිබෙනවා..දැනට තිබෙන බලාගාර සඳහා අධික පිරිවැයක් දැරීමට සිදු වෙනවා. එවැනි තාප බලාගාර මීට වසර 20කට පමණ පෙර අප ඉවත් කළ යුතුව තිබුණා. මේ සම්බන්ධයෙන් රජය අවධානය යොමු කර තිබෙනවා. විශේෂයෙන් සාම්පූර් වැනි විදුලි බලාගාර ව්‍යාපෘති එවකට පැවති රජයන් ගත් ප්‍රතිපත්තිමය තීන්දු මත අත්හිටුවා තිබෙනවා. ගල් අගුරු විදුලි බලාගාරනැවත ඉදි නොකිරීමට ගෝලීය වශයෙන් ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබෙනවා. නමුත් සොබදනවි බලාගාරයේ ඉදිකිරීම කටයුතු එළඹෙන මැයි මාසය වන විට අවසන් කිරීමට රජය බලාපොරොත්තු වෙනවා. දීර්ග කාලීන සැළසුම් වශයෙන් අදානි සමාගම සමග එක්ව පුනරින් සහ මන්නාරම් ප්‍රදේශ වල සුළං විදුලි බලාගාර ඉදිකිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා. සියඹලාණ්ඩුව සහ මඩකලපුව යන ප්‍ර දේශ වලද සුළං විදුලි බලාගාර ඉදිකිරීම සඳහා ද අවසර ලබා දී තිබෙනවා. මීට අමතරව සාම්පූර් විදුලි බලාගාරය එළඹෙන සතිය වන විට වැඩ ආරම්භ කිරීමටත් පළමු අදියරේදී මොගාවොට 50ක විදුලි බලය සූර්ය බලයෙන් නිපද වීමට බලාපොරොත්තු වෙනවා.

    සූර්ය පැනල ලබා ගැනීමට ජනතාවට මුදල් ලබා දීමට ශක්තියක් ආණ්ඩුවට නැහැ. නමුත් අයිඑම්එෆ් දෙවන වාරිකය ලැබුණු පසු එම ණය ආධාර මත අඩු පොළියට එවැනි සහණ ලබා දීමට බලාපොරොත්තු වන බවද කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya