මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කාර්ය මණ්ඩල සාකච්ඡා අවසන් වූ වහාම එම කාර්ය මණ්ඩල එකඟතා පිළිබඳව පාර්ලිමේන්තුව දැනුම්වත් කරනවා

    ඔක්තෝබර් 04, 2023

     

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීම සම්බන්ධයෙන් වූ කාර්ය මණ්ඩල සාකච්ඡා අවසන් වූ වහාම  ඒ පිළිබඳව පාර්ලිමේන්තුව දැනුම්වත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. 

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීම සම්බන්ධයෙන් විපක්ෂ නායක  සජිත් ප්‍රේමදාස මහතා  ස්ථාවර නියෝග 27/2 යටතේ ඊයේ දිනයේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

     ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී පාර්ලිමේන්තුව හරහා විවිධ අන පනත් සම්මත කර ගැනීමට සිදු වූවා සේම මේ දක්වා ඉදිරිපත් කර  තිබූ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සාර්ථක කර ගැනීමටද රජයට හැකි වූ බවද හෙතෙම සඳහන් කළේය.

    ඉදිරි සතියේදී වාහන ආනයනය සඳහා ඇති සීමා කිහිපයක් ඉවත් කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය.  පුද්ගලික වාහන  සඳහා ඇති එච් එස් කේත තුන්සිය හතරක් හැරෙන්නට අනෙකුත් වාහන  ආනයන සීමා කිරීම්  මෙසේ ඉවත් කිරීමට බලාපොරොත්තු වන බව හෙතෙම සඳහන් කළේය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා  රජය 2022 වර්ෂයේ සිට බදු ප්‍රතිසංස්කරණ ගණනාවක්  ක්‍රියාත්මක කළ බවයි. එම ප්‍රතිසංස්කරණ හේතුවෙන් 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ බදු ආදායම ඉහළ ගොස් ඇතැයි හෙතෙම පෙන්වා දුන්නේය. පසුගිය වසරට සාපේක්ෂව මෙරට බදු ආදායම 43.5%කින් වර්ධනය වී තිබේ.

    වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ,

    මිට වසරකට පෙර රටේ පැවති ආර්ථික තත්වයට වඩා මේ වසරේ අප ඉහළ මට්ටමකට පැමිණ තිබෙනවා. පසුගිය වසරේ 70%ක් වෙලා තිබූ උද්ධමනය අද 1.3%  දක්වා පහළ බැස තිබෙනවා. මේ දක්වා ඉදිරිපත් කර  තිබූ ව්‍යුහාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ සාර්ථක කර ගැනීමටද රජයට හැකි වී තිබෙනවා.ඉදිරියේදී බදු පරිපාලනය ශක්තිමත් කිරීම තුළින් බදු ආදායම ශක්තිමත් කර ගැනීමට බලාපොරොත්තු වනවා.

    ඉදිරියේදී බදු පරිපාලනය ශක්තිමත් කිරීමට පියවර ගන්නා බවද හෙතෙම පැවසීය.ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ බදු පරිපාලනය ශක්තිමත් කිරීමටදපියවර ගනිමින් සිටින බවද හෙතෙම සඳහන් කළේය.

    අද වන විට උද්ධමනය පහළ බැස තිබෙනවා. හරියටම වසරකට පසුව. ආහාර උද්ධමනය පහත බැස තිබෙනවා. මේ රටට කරන ආනයනයන් සීමා කළා. එම නිසා කුඩ්‍ය ව්‍යාපාරිකයින්ට බල පෑමක් ඇති වුණා. ඉදිරි සතියේ පුද්ගලික වාහන වලට අදාළ එච්කේ කේත  සීමා නිදහස් කිරීමට බලාපොරොත්තු වෙනවා.අද වන විට ආර්ථිකය සම්බන්ධයෙන්  ධනාත්මක භාවයක් ඇවිත් තිබෙනවා. ලබන වසරේ මෙරට ආර්ථික වර්ධන වේගය 1.7%ක් බව ලෝක බැංකුව පුරෝකතනය කරනවා.

    නිසි බදු නොගෙවීමට හේතුව වන්නේ නිසි ඩිජිටල් කරණ ක්‍රියාවලියක් නොමැති වීම බවත් ඩිජිටල්කරණය තුළින් බදු ගෙවීම පැහැර හැරිම වැළැක්වීමට උත්සාහ කරන බවද හෙතෙම කීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya