මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “සුනාමි ආපදා පෙරහුරු වැඩසටහන” 2023 ඉන්දියානු සාගර කලාපීය රටවල් 28 ක් සහභාගීවයෙන්

    ඔක්තෝබර් 03, 2023
    සුනාමි ආපදාවට මුහුණදීම සදහා කලාපීය රටවල ධාරිතාව වර්ධනය කිරීමේ අරමුණින් ඉන්දියානු සාගර කලාපීය සුනාම් අනතුරු ඇඟවීමේ සහ අවමකිරීමේ පද්ධතිය (Indian Ocean Tsunami Warning and Mitigation System-IOTWMS) හා යුනෙස්කෝ (UNESCO) සංවිධානය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ඉන්දීය සාගර කලාපීය සුනාමි ආපදා පෙරහුරු වැඩසටහන ඉන්දියානු සාගර කලාපීය රටවල් 28 ක් සහභාගීවයෙන් 2023 ඔක්තෝබර් 04 දින පැවැත්වේ. 
     
    ශ්‍රී ලංකාව ද මෙම සහයෝගීතාව හා සම්බන්ධ රටක් වශයෙන් මෙම කලාපීය සුනාමි පෙරහුරු වැඩසටහනට සමගාමීව “සුනාමි ආපදා පෙරහුරු ජාතික වැඩසටහන” 2023 ඔක්තොබර් 04  දින උදෑසන 9.30 සිට 11.30 දක්වා කාලය තුළ ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක මුලික කරගනිමින් පැවැත්වීමට සංවිධානය කර ඇත.
     
    මෙම කාලය තුළ සුනාමි අවදානමක් සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර නොගන්නා ලෙසත් අසත්‍ය ප්‍රචාර පැතිරවීමෙන් වළකින ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර සුනාමි ආපදා පෙරහුරු ජාතික වැඩසටහන පැවැත්වෙන කාල සීමාව තුළ සත්‍ය වශයෙන්ම සුනාමි අවදානමක් ඇතිවුව හොත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ඒ පිළිබදව මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බව දන්වා සිටිනු ලැබේ.
     
    2004 සුනාමි ආපදාවෙන් පසු ඉන්දියන් සාගර කලාපය තුළ නැවත සුනාමි ආපදාවක දී ක්ෂණිකව තොරතුරු කලාපීය රටවලට ලබාදීම සදහා යුනොස්කෝ(UNESCO) සංවිධානයේ මගපෙන්වීම යටතේ ඉන්දියානු සාගර කලාපීය සුනාම් අනතුරු ඇඟවීමේ සහ අවමකිරීමේ පද්ධතිය (Indian Ocean Tsunami Warning and Mitigation System-IOTWMS) ස්ථාපිත කර ඇත. මේ පද්ධතිය මගින් කලාපීය සුනාම් ආපදා අවදානම පිළිබඳ නිරතුරුවම නිරීක්ෂණය කරනු ලබන අතර කලාපය තුළ සුනාමි අවදානමක් පවතිනේ නම් ඒ පිළිබඳව සාමාජික රටවලට පුර්ව අනතුරු ඇඟවීම් සංඥා ලබාදීම සිදු කරනු ලබයි. එසේම මෙම සහයෝගිතාව තුළින් සුනාමි ආපදාවට මුහුණදීම සදහා කලාපීය රටවල ධාරිතාව වර්ධනය කිරීම සහ තාක්ෂණික දැනුම හුවමාරු කිරීම අරමුණු කරගනිමින් ඉන්දිය සාගර කලාපීය රටවල් මෙම සහයෝගීතාව තුළ අන්‍යෝන්‍ය වශයෙන් කටයුතු කරයි.  
     
    මෙතුළින් කලාපයේ රටවලට සුනාමි අවදානම් අවම කරගැනීම සදහා වන ජාත්‍යන්තර සහයෝගය ශක්තිමක් වී ඇති අතර සාමාජික රටවල් විසින් දේශීය වශයෙන් අනුගමනය කරනු ලබන ක්‍රමවේද ඔස්සේ පූර්ව අවදානම් නිවේදන නිකුක් කරමින් ජනතාවගේ සුරක්ෂිතාව තහවුරු කළ යුතු වේ.
     
    ඒ අනුව ශ්‍රි ලංකාවේ ද සුනාමි ආපදාවක් පිළිබඳව තොරුතුරු ලද විගස සුනාමි ආපදා අවදානමක් සහිත වෙරළබඩ දිස්ත්‍රික්කවල ජනතාව දැනුවත් කිරීම සහ එම ජනතාව ක්ෂණිකව ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කිරීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කර ඇත. මෙම ක්‍රමවේදය මගින් ජාතික මට්ටමේ සිට ආපදා අවදානමට ලක්වන අවසන් පුද්ගලයා දක්වා තොරතුරු සංනිවේදනය කිරීම තුළින් ඔවුන් අවදානමින් මුදවාගැනීමට කටයුතු කරනු ලැබේ.
     
    සුනාමි ආපදාවට මුහුණදීම සදහා කලාපීය රටවල ධාරිතාව වර්ධනය කිරීමේ අරමුණින් ඉන්දියානු සාගර කලාපීය සුනාම් අනතුරු ඇඟවීමේ සහ අවමකිරීමේ පද්ධතිය (Indian Ocean Tsunami Warning and Mitigation System-IOTWMS) විසින් වසර 02කට වරක් කලාපීය සුනාම් ආපදා පෙරහුරු වැඩසටහන පවත්වනු ලබන අතර 2016 වර්ෂයේ සිට අඛණ්ඩව ශ්‍රී ලංකාව ද ඉන්දීය සාගර කලාපීය සුනාමි ආපදා පෙරහුරු වැඩසටහන සදහා සහභාගී වේ. 
     
    මෙවර ජාතික වැඩසටහන සදහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ තෝරාගත් පාසැල්, පුද්ගලික අංශ ආයතන ඇතුලු පාර්ශවකාර ආයතන සම්බන්ධ වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතන ඇතුලු රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙම වැඩසටහන සදහා මුල්‍ය අනුග්‍රහය දක්වනු ලබයි.
     
    ජාතික සුනාමි ආපදා පෙරහුරු වැඩසටහන සංවිධානය කිරීමේ පරමාර්ථ
     
    1. ඉන්දියානු සාගර කලාපීය සුනාම් අනතුරු ඇඟවීමේ සහ අවමකිරීමේ පද්ධතිය (Indian Ocean Tsunami Warning and Mitigation System-IOTWMS) හා යුනෙස්කෝ (UNESCO) සංවිධානය විසින් කලාපීය රටවල සුනාමි ආපදා පෙරසුදානම ප්‍රවර්ධනය කිරීම.
    2. අන්තර් ජාතික වශයෙන් සහ ජාතික වශයෙන් පුර්ව අනතුරු ඇඟවීමේ ක්‍රමවේදවල පවතින කාර්යක්ෂමතාව පරීක්ෂා කිරීම.
    2. සුනාමි ආපදා තත්ත්වයක දී හදිසි ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් පාර්ශවකාර ආයතනවල පවතින ධාරිතාව පරීක්ෂා කිරීම. 
    3. ආපදා අනතුරු ඇඟවීමක දී ප්‍රතිචාර දැක්වීම සහ ආරක්ෂිත ස්ථාන කරා යෑමට ගතවන කාලය පිළිබඳ ඇගැයීමට ලක් කිරීම.
    4. පුර්ව අනතුරු ඇඟවීම නිවේදනය කිරීමේ දී වඩාත් කාර්ක්ෂම සහ යෝග්‍ය සංනිවේදන ක්‍රමෝපායන් හදුනා ගැනීම
    5. පුර්ව අනතුරු ඇඟවීමේ ක්‍රමවේදවල පවතින දුර්වලතා පරීක්ෂා කිරීම.
    6. සහ ඉදිරියේ දී වඩාත් යෝග්‍ය ක්‍රමෝපායන් හදුනාගැනීම සහ පවතින අඩුපාඩු අතපසුවීම් සහ දුර්වතා මගහරවා ගැනීම සදහා පුහුණුව.
    7. සුනාමි ආපදාවක දී මහජනතාවගේ ජීවිත සුරක්ෂිත කරගැනීම සදහා රටක් වශයෙන් ඇති සුදානම පරීක්ෂා කිරීම.
    8. ආපදාවකදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබදව දැනුවත්භාවය, පෙර සුදානම සහ ප්‍රතිචාර දැක්වීම සම්බන්ධව ජනතාවගේ අවධානය යොමු කරවීම.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya