මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමාජ මාධ්‍ය වාරණය කිරීමක් බලාපොරොත්තු වන්නේ නැහැ - කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

    ඔක්තෝබර් 03, 2023

    සමාජ මාධ්‍ය වාරණය කිරීමක් බලාපොරොත්තු නොවන බවද මේ තුළින් අසත්‍ය අපහාසාත්මක, උපහාසාත්මක ආගමික, වාර්ගික වෛරයන් ඇතිවන, ළමා අපයෝජන සිදුවන ඒවාට අනුබල දෙන අසත්‍ය පතුරවා හැර ඒ තුළින් සමාජයේ යහපැවැත්මට අවහිර වන දේ නියාමනය කිරීම වැළැක්වීම සඳහා අධිකාරියක් ඇති කිරීම මෙම පනතේ අරමුණ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    සමාජ මාධ්‍ය මගින් නිරායුධ අවිහිංසක විශාල පිරිසකට විවිධ ආකාරයේ අඩන්තේට්ටම් අවහිරයන් අපහාස උපහාස හා වෛරය ක්‍රෝධය පැතිරවීම් තුළ මනුෂ්‍ය ජීවිත විශාල ප්‍රමාණයක් විනාශය කරා ඇදගෙන යන කටයුතු සිදුවන බව පැවසූ කැබිනට් ප්‍රකාශකවරයා හොඳ මෙන්ම යහපත් දේද සිදුවන බව සඳහන් කළේය.

    ලෝකයේ ඇතැම් දියුණු රටවල කිසිදු සමාජ මාධ්‍යයක් භාවිතා නොවන බවද එවැනි රටවල සමාජ මාධ්‍ය භාවිතා කිරීම තහනම් බවද කියාසිටි ජනමාධ්‍ය අමාත්‍යවරයා එවැනි කිසිදු වාරණයක් පැනවීමට රජය අපේක්ෂා නොකරන බවද ඉතාම හොද සංවාද ප්‍රබුද්ධ විචාර ඒ තුළ ඇතිවිය හැකි බවද නමුත් සම්පූර්ණ අසත්‍ය, වෛරය පැතිරවෙන, ආගමික හා වාර්ගික ගැටුම් ඇතිකරන, ජාතික ආරක්ෂාවට තර්ජනය වන දේ සදහා කිසියම් නියාමනයක් ඇතිකිරීම මෙම පනතේ අරමුණ බව මෙය ඉදිරිපත් කළ යුත්තේ කවර ඇමතිතුමාද යන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිවක් සදහන් නැතැයිද කැබිනට් ඇමතිවරයෙකුට යෝජනා ඉදිරිපත් කළ හැකි යැයිද අවධාරණය කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya