මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යළි ආර්ථික අර්බුදයක් ඇති නොවන පරිදි මේ රටේ නීති පද්ධතිය ශක්තිමත් කළ යුතුයි - අධිකරණ අමාත්‍ය

    ඔක්තෝබර් 03, 2023

    යළි ආර්ථික අර්බුදයක් ඇති නොවන පරිදි මේ රටේ නීති පද්ධතිය ශක්තිමත් කළ යුතු බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අද (03) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

    සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත  දෙවැනිවර කියවීම,මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම, සමථ මණ්ඩල (විශේෂ වර්ගවල ආරවුල්) පනත යටතේ නියෝග සහ අධිකරණ සංවිධාන පනත යටතේ නියමය  පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    සිවිල් අධිකරණ තුළ ගොඩ ගැසී තිබෙන නඩු විසඳීම සඳහා පියවර ගණනාවක් ගෙන ඇති බවත් මින් ඉදිරියට දිසා අධිකරණයේ පැවරිය යුතු නඩු සුළු අධිකරණ වල පැවරීමට කටයුතු යොදා තිබෙන බවද අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේය.

    අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට සාමාජිකයින් පත් කිරීම සම්බන්ධයෙන් අදහස් දැක් වූ අධිකරණ අමාත්‍යවරයා පැවසුවේ, එය ව්‍යවස්ථාදායක සභාවේ වගකීමක් බවයි.

    බොහෝ බාධා මැද්දේ පාර්ලිමේන්තුවේදී මෙම පනත සම්මත කර ගත් බවත්, මුලින්ම  ඉංග්‍රීසී භාෂා කෙටුම්පත අධ්‍යනය කර ඉදිරිපත් කර පසුව සිංහළ සහ දමිළ භාෂාළුට පරිවර්තනය කළ බව අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙහි සාමාජිකයින් පත් කිරීම සම්බන්ධයෙන් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,

    ''මෙම පනත ක්‍රියාත්මක කිරීම සඳහා මාස 18ක කාලයක් ගත් බවයි. අද වන විට මෙම පනත ක්‍රියාත්මක වන බවත් නමුත් ව්‍යවස්ථාදායක සභාව විසින් මෙම කොමිසමට සාමාජිකයින් පත් කරන්නේ නැතැයිද හෙතෙම පෙන්වා දුන්නේය. අද වන විට හුස්ම ගන්න පුළුවන් තැනකට  රට ගෙනත් තිබෙනවා. උද්ධමනය ආහාර උද්ධමනය සෘණ අගයක් දක්වා ගෙනැවිත් තිබෙනවා.  අයිඑම්එෆ් නියෝජිතයින් පවා කිව්වේ, වසරක් වැනි කාලයක් තුළ මේ මට්ටමට ගෙන ඒමට හැකි වූ එකම රට ශ්‍රී ලංකාව බවයි.

    මහජනතාවට ගැළපෙන රටට ආදරය කරන මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවට ගෙන ඒමේ වැඩපිළිවෙළ අපි හැදුවා.වගකිවයුතු රාජ්‍ය නිලධාරින් හදන ක්‍රමය අපි ගෙනැවිත් තිබෙනවා. නමුත්  විපක්ෂය  මුලින් අල්ලස් හෝ දූෂණ පනතට විරුද්ධවව ඡන්දය දුන්නා. නමුත් අද විපක්ෂ නායකවරයා කියනවා මෙතන දූෂණ තක්කඩි ඉන්නවා කියා.

    විනිසුරුවරුන් ඇතුළු ඉහළ නිලධාරින් පත් කිරීමේ ක්‍රමවේදයක් හැදුවා.අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවටමැතිවරණ කොමිෂන් සභාවට ස්වාධීනව කටයුතු කරන්න පුළුවන් ක්‍රමවේදයක් හැදුවා. මේ රටේම හොරකමදූෂණය නැති කරන්න ක්‍රමවේදය හැදුවා. මැතිවරණ දූෂණ වැලැක්වීම සඳහා වියදම් පනත අපි ගෙනාවා. නැවත මෙවැනි ආර්ථික අර්බුදයක් නොවන පරිදි මේ රටේ නීති පද්ධතිය ශක්තිමත් කරන්න ඕන. දැන් අපි  අයිඑම්එෆ්  එකත්  එක්ක දෙවන වාරිකය ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. නමුත් සමහරු දෙවන වාරිකය ලැබෙන් නැහැ කියලා සතුටු වෙන පිරිසකුත් ඉන්නවා. ඒක තමයි මේ රටේ දේශපාලන සංස්කෘතිය.''

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya