සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බුදු සසුන ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම රජය කැපවනවා – ජනාධිපති ලේකම්

    සැප්තැම්බර් 28, 2023

     

    • ඓතිහාසික වටිනාකමකින් යුත් විහාරස්ථාන 05ක් හා දේවාලයක් සඳහා පූජාභූමි සන්නස් පත්‍ර පිළිගැන් වේ.

    බුද්ධ ශාසනය ආරක්ෂා කරගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම රජය කැපවී කටයුතු කරන බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පැවසීය.

    ඉතිහාසය හදාරණ සිසුන්ට මෙන්ම ආචාර්ය, මහාචාර්යවරුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමටත්, මෙරට ඉතිහාසය පිළිබඳ අධ්‍යයනය කිරීමේ මධ්‍යස්ථානයක් පිහිටුවීමටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව මේ වන විටත් අවශ්‍ය පියවර ගෙන ඇති බව ද ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේය.

    ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මේ බව සඳහන් කළේ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් රජයේ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද භූමි ප්‍රදේශ, පූජා භූමි ලෙස නම් කරමින් එම පූජාභූමිවලට අදාළ සන්නස් පත්‍ර පිළිගැන්වීමේ අවස්ථාවට  (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී එක්වෙමිනි.

    මෙහිදී පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික මෙන්ම පූජනීය වටිනාකමකින් යුත් විහාරස්ථාන 05ක් හා දේවාලයක් සඳහා පූජාභූමි සන්නස් පත්‍ර පිළිගැන්වීම ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අතින් සිදු විය.

    නිදහසේ අනෙකුත් ආගම් ඇදහීමට ඇති අයිතියට ගරු කළ යුතු අතර රට තුළ ආගමික ගැටුම් ඇති කිරීමට ඇතැමුන් දරන උත්සාහයන්ට හසු නොවී කටයුතු කිරීම වෙනුවෙන් ජනතාව දැනුවත් කරන ලෙස ද ජනාධිපති ලේකම්වරයා මෙහිදී ගෞරවනීය මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටියේය.

    වෙල්ගම රජමහා විහාරය පූජාභූමියක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය එම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සීලවංශ තිස්ස නායක ස්වාමීන් වහන්සේ වෙත ද, පාතදුම්බර මිටියාවතේ මීගම්මන ග්‍රාමයේ පිහිටි, මීගම්මන රජමහා විහාරය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය එම විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය මානින්ගමුවේ විමල කීර්ති ශ්‍රී සුමනජෝති පියරතන නායක ස්වාමීන් වහන්සේ වෙත ද පිරිනැමිණ.

    තවද කොළොම්තොට ගංගොඩවිල ග්‍රාමයේ පිහිටි, ගංගොඩවිල ශ්‍රී විජයාරාම රජමහා විහාරය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය එම විහාරස්ථානයේ විහාරාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී පූජ්‍ය අමුණුමුල්ලේ ජිනරතන ස්වාමීන් වහන්සේ වෙත පිළිගැන්වූ අතර පැපිලියාන සුනේත්‍රා මහා දේවී පිරිවෙන් රජමහා විහාරය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය එම රජමහා විහාරස්ථානයේ විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස නායක ස්වාමීන් වහන්සේ වෙත පිළිගන්වනු ලැබීය.

    එසේම මින්නේරිය මහසෙන් රජමහා විහාරය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය එම රජ මහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මාතලේ උඩුගම සද්ධානන්ද ස්වාමීන් වහන්සේ වෙත ද, රුවන්වැල්ල, මැදගොඩ ග්‍රාමයේ පිහිටි මැදගොඩ ශ්‍රී සිද්ධ සත් පත්තිනි දේවාලය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය එහි භාරකරු වන කේ.ඩබ්.එම්. අජිත් ශාන්ත බණ්ඩාර මහතා වෙත ද පිරිනැමීය.

    මහාවිහාර වංශික සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝ නායක පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති පූජ්‍ය මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසාර නාහිමිපානන් වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිධාරී ශාස්ත්‍රපති පණ්ඩිත අත්තංගනේ සාසනරතන නාහිමිපානන් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ හිටපු මහා ලේඛකාධිකාරී අමරපුර වජිරවංශ පාර්ශ්වයේ වැඩබලන මහා නායක රුසියාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මහාචාර්ය පල්ලේකන්දේ රතනසාර නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, බුදධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.එස්. සත්‍යානන්ද යන මහත්වරු ඇතුළු නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya