මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වතුකරයේ කම්කරුවන්ට පර්චස් 10 බැගින් වූ ඉඩම් ලබාදීමට කැබිනට් පත්‍රිකාවක්

    සැප්තැම්බර් 25, 2023

     රජය සතු වතුකරයේ ඇති ඉඩම්වල විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවසර දෙන්න - වැවිලි කර්මාන්ත අමාත්‍යවරයාගෙන් නිලධාරීන්ට උපදෙස්.

    පෞද්ගලික වැවිලි සමාගම් සතුව පවතින භාවිතයට නොගන්නා ඉඩම් පොදු අවශ්‍යතා සඳහා පවරා ගැනීමට සකස් කර ඇති නීති කෙටුම්පත කඩිනම් ගෙන ඒමට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් එක්වී ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ යුතු බව වැවිලි කර්මාන්ත අමාත්‍ය (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා පැවසීය.

    අමාත්‍ය වරයා මෙම අදහස් පළ කළේ, වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ඒ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

    වතු පෞද්ගලීකරණය කිරීමෙන් පසු, ඒවායේ පවතින භාවිතයට නොගත් ඉඩම් පොදු අවශ්‍යතා සඳහා හෝ අත්පත් කර ගත නොහැකි බව සඳහන් කල සභාපතිවරයා මෙම භාවිතයට නොගත් ඉඩම් ලබාගැනීම සඳහා පනතක් සකස් කිරීමේ වගකීම පසුගිය රජය සමයේ නීතිපති දෙපාර්තමේන්තුවට පැවරු බව සිහිපත් කළේය. ඒ අනුව කඩිනමින් එම පනත ගෙන ඒමේ අවශ්‍යතාවය පිළිබඳව කමිටුවේ අවධානය යොමුවිය.

    මීට අමතරව වතුකරයේ කම්කරුවන්ට පර්චස් 10 බැගින් වූ ඉඩම් කැබලි ලබාදීම සම්බන්ධයෙන්, වැවිලි කර් මාන්ත අමාත්‍යාංශය, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය සහ සංචාරක සහ ඉඩම් අමාත්‍යාංශය එක්ව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා කමිටුවට දැනුම් දෙන ලදී.

    වතුකරයේ ආසන්න වශයෙන් 250,000ක් පමණ වන කම්කරු පවුල්වලින් 60,000කට පමණ දැනටමත් ඉඩම් අයිතිය ලබා දී ඇති බව සභාපතිවරයා සඳහන් කළේය. ඒ අනුව ඉතිරි පවුල්වලට ඉඩම් අයිතිය තහවුරු කිරීම සඳහා ඉඩම් හෙක්ටයාර් 5000 ක් අවශ්‍ය බවද සභාපතිවරයා පෙන්වා දෙන ලදී.

    එමෙන්ම රජය සතු වතුකරයේ ඇති ඉඩම්වල විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවසර දෙන ලෙසත්යම් යම් ස්ථානවල පවතින අඩුපාඩු කඩිනමින් සකස් කර දෙන ලෙසත් සභාපතිවරයා බලධාරීන්ට උපදෙස් දුන්නේය.

    මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත, අරවින්ද කුමාර්,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගයන්ත කරුණාතිලක, මහින්දානන්ද අලුත්ගමගේ, වී.රාධක්‍රිෂ්ණන්, සුජිත් සංජය පෙරේරා, රෝහිණී කවිරත්න, (වෛද්‍ය) ගයාෂාන් නවනන්ද, එම්. රමේශ්වරන්, ගුණතිලක රාජපක්ෂ, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, උදයකාන්ත ගුණතිලක, සම්පත් අතුකෝරල, (නීතිඥ) ප්‍රේම්නාත් සී. දොලවත්ත, එම්. උදයකුමාර් ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රී වරු පිරිසක් සහභාගී වුහ.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya