මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අත්දැකීම් හා දැනුමෙන් සන්නද්ධ සිසු පරපුරක් අනාගතයට බිහිකිරීම රජයේ අපේක්ෂාවයි - අමාත්‍ය නලින් ප්‍රනාන්දු

    සැප්තැම්බර් 25, 2023

    ලෝකයේ ඉදිරි ගමනට උචිත ලෙස පවතින අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණ සඳහා මේ වන විට රජයේ අවධානය යොමු වී ඇති අතර ඒ වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවත්, අත්දැකීම් හා දැනුමෙන් සන්නද්ධ සිසු පරපුරක් අනාගතයට බිහිකිරීම රජයේ අපේක්ෂාව වන බවත් වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර තිබේ.


    එමෙන්ම, දිවයිනේ පාසැල් වල මෙවැනි විද්‍යා හා තාක්ෂණ ප්‍රදර්ශන සුළභ කිරීම කාලෝචිත අවශ්‍යයතාවයක් බවත් අමාත්‍යවරයා සඳහන් කරන ලදී. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, (21) කඳාන ලක්පහන විද්‍යාලීය “විදැස විද්‍යා හා තාක්ෂණ නව නිපැයුම් ප්‍රදර්ශනයේ” තෙවන දින සමාරම්භක උත්සවයට සහභාගී වෙමිනි.

    බාහිර ලෝකය ගැන අලුතින් හිතන, නව නිපැයුම් හරහා අත්දැකීම් හා දැනුමෙන් සන්නද්ධ නව සිසු පරපුරක් බිහිකිරීම වෙනුවෙන් මෙවැනි වැඩසටහන් පැවැත්වීම අත්‍යාවශ්‍යය බවද අමාත්‍යවරයා හෙතෙම පැවසීය. මහපොළ භාරකාර අරමුදල හරහා ලලිත් ඇතුළත්මුදලි මැතිතුමා බලාපොරොත්තු වූ අඩු ආදායම්ලාභී පවුල්වල විද්‍යාර්ථීන් වෙනුවෙන් යම් දීමනාවක් ලබා දීමත්, රට තුළ විවිධ ප්‍රදේශ කරා ගොස් ශිෂ්‍යයන්ට අවශ්‍යය දැනුම හා අවබෝධය ලබා දීම මුල්කරගත් වැඩපිළිවෙලත් යන අරමුණු දෙකින් මේ වන විට නවතා දමා ඇති මහපොළ වෙළෙඳ ප්‍රදර්ශනය ඉදිරියේදී නැවත අරඹන බවත්, එතුළින් පාසැල් දරුවන්ට සිය දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට මහඟු අවස්ථාවක් උදාවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

    මෙම අවස්ථාව සඳහා සෙවන්ත්ඩේ ඇඩ්වෙන්ටිස්ට් සභාවේ ජෙරී පැටලින්හග් දේවගැතිතුමා හා රංජිත් එමර්සන් දේවගැතිතුමා, හිටපු අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා, මීගමුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.එෆ්.පී එස්.ඩී පෙරේරා මහතා, ප්‍රාදේශීය සභා හා නාගරික මහජන නියෝජිතයන්, ලක්පහන විද්‍යාලයේ විදුහල්පති ආර්.එම් සමරකෝන් මහතා ඇතුළු විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya