මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නම සංශෝධනයට

    සැප්තැම්බර් 24, 2023

    ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නම සංශෝධනය කිරීමට කාරක සභාවේ අනුමතිය..

    ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමටත්,ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නම සංශෝධනය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී (නීතීඥ) මධුර විතානගේ මහතාගේ ප්‍රධානත්වයෙන් 21 වැනි දින පාර්ලිමේන්තුවේදී රැස්වූ කාරක සභාව තීරණය කරන ලදී.

    ''ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකය ''  ලෙස යොදන නම, යෝජිත ව්‍යාපාර සූදානම් (B - Ready)) දර්ශකය ලෙස භාවිත කිරීමට ලෝක බැංකුව තීරණය කර ඇති බැවින් ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සදහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නව නාමය, “ යෝජිත ව්‍යාපාර සූදානම් (B - Ready) දර්ශකය, සඳහා සූදානම් වීමේදී මතුවන ප්‍රයෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යනය කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර් දේශ
    ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව” ලෙස සංශෝධනයට කාරක සභාවේ කමිටු සාමාජිකයින් එකඟ වු අතර යොමු කිරීමේ අනුදේශයන්ද ඒ අනුව සංශෝධනයට එකඟ විය.

    ඒ අනුව පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයට ඉදිරිපත් කොට නිත්‍යානුකූලව කටයුතු කරන ලෙස කාරක සභාවේ ලේකම්ට උපදෙස් ලබාදුනි.

    කමිටු සාමාජිකයින් වන පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන්, ලලිත් වර්ණ කුමාර, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, මොහමඩ් මුසම්මිල් යන මහත්වරු මෙම රැස්වීමට සහභාගී වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya