මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා ජාතික රෝහල සඳහා වන සිව්වන MRI යන්ත්‍රය පිරිනැමේ

    සැප්තැම්බර් 24, 2023

    ශ්‍රී ලංකා ජාතික රෝහල සඳහා වන සිව්වන MRI යන්ත්‍රය  (22)  එම රෝහල වෙත නිල වශයෙන් භාර දීම ශ්‍රී ලංකාවේ ජපන් තානාපති Mizukoshi Hideaki  (මිසුකොෂි හිදෙකි) මහතා විසින් සිදුකෙරිණි.

    ජපානයේ සමාජ ආර්ථික සංවර්ධනය සඳහා වන ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවට ලබාදෙන රුපියල් බිලියන 1.76 ක ආධාර වැඩපිළිවෙළ යටතේ මෙම MRI යන්ත්‍රය මෙරටට හිමිව තිබේ. ඒ අනුව රුපියල් මිලියන 400ට අධික වටිනාකමින් යුත් මෙම යන්ත්‍රය නිල වශයෙන් භාර ගැනීමේ අවස්ථාව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) එම රෝහල් පරිශ්‍රයේදී සිදු කෙරිණි.

    ජපන් සමාජ ආර්ථික සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ CT ස්කෑන් යන්ත්‍රයක් , ඇන්ජියෝග්‍රෆි යන්ත්‍ර 02 ක් හා බහු පාරමිත මොනිටර් 09 ක්ද ඇතුළු අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ජාතික රෝහල වෙත පරිත්‍යාග කළ අතර , රාගම ශික්ෂණ රෝහලට මිලියන 300ට අධික වටිනාකමින් යුත් DSA (Digital Subtraction Angiography)  යන්ත්‍රයක්ද පරිත්‍යාග කෙරිණි.

    කොළඹ ජාතික රෝහලේ මේ වන විට  MRI ස්කෑනර් යන්ත්‍ර 03 ක් ස්ථාපිතව ඇති අතර මෙම යන්ත්‍රයත් සමඟ එය 04 ක් දක්වා ඉහල යනු ඇති. දිවයිනපුරා ශික්ෂණ රෝහල් හා මහ රෝහල් 12ක රෝගී සත්කාර සඳහා MRI ස්කෑනර් යන්ත්‍ර යොදා ගැනේ.

    අනතුරු ශ්‍රී ලංකාවේ ජපන් තානාපති Mizukoshi Hideaki  (මිසුකොෂි හිදෙකි) මහතා ඇතුළු ජපන් නියෝජිත පිරිස සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් හා ශ්‍රී ලංකා ජාතික රෝහලේ නිලධාරීන් සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී විශේෂ හමුවක් පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා :-

    ඉතිහාසයේ පෙර නොවූ විරූ අයුරින් ශ්‍රී ලංකාව ආර්ථීක, සමාජයීය හා භූ දේශපාලනික වශයෙන් දැඩි අර්බුදකාරී තත්වයකට මුහුණ දුන් බවත් මේ මේ විට ඉන් මිදෙමින් පවතින බවත් පැවසීය. විශේෂයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අමතරව අනෙකුත් සහයෝගයන් අතර ජපානයෙන් හිමිවන සහයෝගය ඉතා ඉහළ මට්ටමක පවතින බවද  ජනාධිපතිතුමන්ද වඩාත් පැහැදිලිව එය පෙන්වා ඇති බවද අමාත්‍යවරයා මෙහිදී කීය. විශේෂයෙන් අර්බුදයෙන් ක්‍රම ක්‍රමයෙන් ගොඩ ඒම සඳහා මෙම සියලු සහයෝගය අතිශය වැදගත් වන බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා,

    ජපානය හා ශ්‍රී ලංකාව අතර ඇති ඓතිහාසික මිතුදම තව තවත් ශක්තිමත් කිරීම සඳහා මෙවැනි සහයෝගයන් තවත් පිටිවහලක් වෙනවා. ජේ ආර් ජයවර්ධන මහතාගේ යුගයේ සිට ජපානය සුවිශාල සහයෝගයන් අප වෙත ලබා දී තිබෙනවා.

    සෞඛ්‍ය සහ අධ්‍යාපනය අපේ රටේ නොමිලේ ලබා දෙන සේවාවන් වෙනවා. නිදහස් සෞඛ්‍ය සේවාව තවදුරටත් පවත්වාගෙන යාම සඳහා කැපවීමෙන් කටයුතු කරනවා.

    මෙහිදී ජපන් රජය ඉතාමත් ඉහළ සහයෝගයක් අප වෙත ලබා දෙනවා. ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් නිදහස් ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ලබාදීම සඳහා සහාය වීම සම්බන්ධයෙන් නැවත නැවතත් ස්තුතිය ප්‍රකාශ කර සිටිනවා.

    මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති Mizukoshi Hideaki  මහතා,

    ශ්‍රී ලංකා ජාතික රෝහලේ නව අංශය වෙත MRI ස්කෑනර් යන්ත්‍රයක් ලබාදීමට හැකි වීම සම්බන්ධයෙන් සතුටු වෙනවා. අද්විතීය ශ්‍රී ලංකා ජපන් මිත්‍රත්ව සම්බන්ධතාවයේ එය තවත් එක්  සංධිස්ථානයක් වුණා. එකමුතුකමෙන් සහ සහයෝගයෙන් අපට සියලු අභියෝගයන් ජය ගන්න පුළුවන්.

    මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, අතිරේක ලේකම් (සංවර්ධන) සුනිල් ගලගම මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන්ද, ශ්‍රී ලංකාවේ ජපන් තානාපතිතුමා ඇතුළු තානාපති කාර්යාලයේ නිලධාරීන්ද , ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කුමාර වික්‍රමසිංහ මහතා ඇතුළු නිලධාරීහු පිරිසක්  සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya